top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 11, 2022
  • 2 min read

ree

Ø ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය මෙරට දී පැවැත්වීමට තීරණය කෙරේ - උප සභාපති ජනපතිට පවසයි.

මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත් චෙන් (Shixin Chen) මහතා පවසයි. ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ බව දැන්වීය. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතා ඇගයීමට ලක් කෙරිණ. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ෂික්සිත් චෙන් මහතා සඳහන් කළේය. ආසියානු සංවර්ධන බැංකුව මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර තිබේ. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 27කි. ආසියානු සංවර්ධන බැංකුවෙහි වාර්ෂික සම්මේලනය රටවල් 68ක නියෝජනයෙන් ලබන මැයි මස 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇත. මීට සමගාමීව ව්‍යාපාරික සමුළු ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. දේශීය සහ විදේශීය නියෝජිතයන් 5,000ක පමණ පිරිසක් ඊට සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ. සමුළුව “පශ්චාත් කොවිඩ් - 19 ලෝකය සඳහා කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක්” යන තේමාව ඔස්සේ පැවැත්වේ. ශ්‍රී ලංකාව කොවිඩ් - 19 එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීම, රජයේ සෞඛ්‍ය යාන්ත්‍රණයෙහි සංවිධානාත්මක බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයාගේ ඇගයීමට ලක් විය. එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහාය වෙනුවෙන් රජයේත් ජනතාවගේත් කෘතවේදීත්වය හිමි වන බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක එයිමින් සෝව් (Aiming Zhou), නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), ලේකම් මුහමඩ් එෂාන් ඛාන් (Muhammad Eshan Khan), නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සාව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩී.එස්. ජයවීර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page