top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කුඩා ජල විදුලිබලාගාර මගින් ජාතික පද්ධතියට මෙගාවොට් 440 ක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 22, 2022
  • 2 min read

ree

මෙගාවොට් 10 සහ ඊට අඩු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පැවති ගැටලු විසඳීමට හැකි වූ බැවින් කුඩා ජලවිදුලි බලාගාර මගින් ජාතික පද්ධතියට මෙගාවොට් 440ක් එක් කිරීමට හැකි වූ බව සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති සුළුපරිමාණ ජලවිදුලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 25 වෙනි සංවත්සරයට සහභාගී වෙමිනි. ලෝකයේ රටවල් ඉතා වේගවත්ව සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් මගින් බලශක්තිය උත්පාදනය සදහා සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර අප තවමත් ෆොසිල ඉන්ධන මත යැපීම හේතුවෙන් මේ වන විට උද්ගතව ඇති ගැටලු කාරී තත්වයන්ට හේතුව බවත් අමාත්‍ය වරයා මෙහිදී පෙන්වාදෙන ලදි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා සදහන් කලේ පුනර්ජනනීය බලශක්ති වියාපෘති ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය අවසර ලබාගැනීම්, අනුමත කරගැනීම් ක්‍රියාවලිය සදහා ONESTOP SHOP සංකල්පයෙන් ආරම්භ කළ සුනිත්‍ය බලශක්ති අධිකාරිය පසුගිය කාලයේ තවත් එක් සාම්ප්‍රදායික රාජ්‍ය ආයතනයක් පමනක් බවට පත්ව තිබූ අතර අමාත්‍යාංශය බාරගැනීමෙන් අනතුරුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පරිසර අනුමැතිය හැර අනෙකුත් සියලු අනුමත කිරීම් හා සේවා එකම වහලක් යටින් ආයෝජකයන් හට උපරිම මාසයක කාලයකින් ඉටු කර ගැනීමට හැකිවන ලෙස බලගන්වමින් ආයෝජකයන් හට ශක්තිමත් සේවයක් ලබාදීමට කටයුතු කළා වසර 2022/01/04 වැනි දින අංක 2261 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර මෙගාවොට් 10 හා ඊට අඩු වියාපෘති සදහා ක්‍රියාත්මක කිරීම් ක්‍රමවේදය ඉතා වේගවත්ව හා වියාපෘති මගින් උත්පාදිත විදුලිය මිලදීගැනීමට සම්මත අය ක්‍රමයක්,ප්‍රමුඛතාව මත මධ්‍යම ජාලයට විදුලිය ලබා දීමටත් පාර්ලිමේන්තු බලතල ප්‍රකාරව කටයුතු කර පුනර්ජනනීය බල සැපයුම් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට කටයුතු කළේ ය. වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවීමේ ජාතික ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්ථයක් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් ජල විදුලිය මෙන්ම සූර්ය,සුලං,දැව ඉන්ධන මෙන්ම අනෙකුත් පුනර්ජනනීය බලශක්ති වියාපෘති සදහාද ආයෝජණය කිරීමටද මෙහිදී අමාත්‍ය වරයා ඔවුන් හට ආරාධනා කළේ ය. මෙම අවස්ථාවට අභිනව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා,ලංකා විදුලිබල මන්ඩලයේ නිලධාරීන්,සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා,ජල විදුලි නිශ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන්, සාමජික මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page