කුඩ ඉහළගෙන සාපෙළ ලියූ ගම්පහ සිසුන්ට සාධාරණයක් ඉටු වෙන ලකුණු
- helloplanetaviss
- Jun 1, 2022
- 1 min read

ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේදී කුඩ ඉහළගෙන සාමාන්‍යපෙළ විභාගය සදහා සිසුන්ට ඊයේ පෙනී සිටීමට සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා.
එම සිද්ධියට මුහුණු දුන් විභාග අපේක්‍ෂකයන්ට වෙනත් ශාලාවකදී අමතර කාලයක් ලබාදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දුන් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.
අද දිනයේ විභාග කටයුතු සිදු කෙරුණු ආකාරය සම්බන්ධයෙන්ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙලෙස අදහස් පළ කළා.
Comments