top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් යුද්ධ හමුදාධිපති හමුවෙයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 21, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ Global Interests Branch in the International Policy අංශයේ සහකාර ලේකම් ටොම් මැනඩු මහතා (Mr Tom Manadue) පසුගිය බ්‍රහස්පතින්දා (17) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී මහතා (H.E. David Holly), ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් ඉයන් කේන් (Captain Ian Cain) සහ තවත් නිලධාරියෙකු එක්ව සිටියහ. මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කලාපීය අවශ්‍යතා, ආරක්‍ෂක ගැටළු, ආරක්‍ෂක සහයෝගීතාව, කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු සහ දකුණු ආසියාතික රටවල් ආශ්‍රිතව දිනෙන් දින වර්ධනය වන ආරක්‍ෂක සහයෝගීතාවය පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ. තවද, දෙරට අතර පවත්නා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අනාගතයේදී කලාපයේ සාමය පවත්වාගැනීමේ වැදගත්කම ද මෙම සුහද හමුවේදී පෙන්වාදුන්නේය. දකුණු ආසියාවේ, යුරෝපයේ හා මැදපෙරදිග රටවල් මෙන්ම උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානවල සාමසාධක මෙහෙයුම් සිදුකිරීම සඳහා ටොම් මැනඩු මහතා සිය දායකත්වය ලබාදෙනු ලබයි. මෙම සුහද හමුව අවසානයේ, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ Global Interests Branch in the International Policy අංශයේ සහකාර ලේකම් ටොම් මැනඩු මහතා (Mr Tom Manadue) යුද්ධ හමුදා මුලස්ථානයේ සිදුකල සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ සමරු තිළිණයක් ද එතුමන් වෙත ප්‍රදානය කළේය. ඉන් අනතුරුව, එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබූවේය. SL Army

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page