top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 21, 2022
  • 1 min read

ree

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මෙනඩියු මහතා (Tom Menadue) ( පෙබරවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් (Ian Cain) මහතා සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන මැට් කනිග්හැම් (Matt Cunningham) මහතාද සහභාගී වී සිටින ලදී. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් පැමිණ සිටි නියෝජිත පිරිස වෙත සමරු තිළිණ පිරිනැමීමක්ද සිදු කරන ලදී.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page