''ඔබට අයවැයෙන්" දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ...
- helloplanetaviss
- Sep 29, 2021
- 1 min read

2022 වර්ෂයේ අයවැය ප්‍රතිලාභ ගමට රැගෙන යාමට " ඔබට අයවැයෙන්"යන මැයෙන් වැඩසටහන් මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වෙයි.
අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේත් මගපෙන්වීම පරිදි ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව දියත් වෙයි. මෙහි එක් වැඩසටහක් වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් (27) කලුතර සම්බධීකරණ කාර්‍යාලයේදි පැවැත්විණි. ඉදිරි වසරේ අය වැය තුළින් සෑම ගමකටම රුපියල් ලක්ෂ 30 ක මුදලක් වෙන් කෙරෙන අතර එම මුදල් වෙනුවෙන් ව්‍යාපෘති යෝජනා ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ,ගම නියෝජනය කරන මන්ත්‍රීවරයා,ග්‍රාම නිළධාරී,සංවර්ධන නිළධාරී,සමෘද්ධි සංවර්ධන නිළධාරී සහ ශාඛා සමිති නියෝජිතයන් එහිදී මනා සම්බන්ධීකරණයක් සිදු කරමින් නිවැරදිම යෝජනා ලබා ගන්නා ආකාරය පිළිබඳවද නිලධාරීන් දැනුවත් කෙරිණි. ඉදිරි දින කිහිපයේදී ග්‍රාමීය කමිටු රැස්වීමෙන් අනතුරුව මේ සඳහා සුදුසුම ක්ෂේත්‍ර සහ ව්‍යාපෘති යෝජනා ලබා ගැනීම සිදු කෙරේ. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම අප රජයේ අරමුණ බව පැවසු අමාත්‍යවරයා ,ඒ වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධනය සඳහා මෙවර අය වැය තුළ වැඩි අවධානයක් යොමු වී ඇති බැවින් එවැනි ව්‍යාපෘති ලබා ගැනීමේදී මතුවන ගැටළු නිරාකරණය කරගැනීම පිළිබඳව ද සභාව දැනුවත් කළේ ය. තවද කොවිඩ් වසංගතය පාලනය කරගනිමින් රටේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් රජයේ දැක්ම සහ ඒ වෙනුවෙන් ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා පැහැදිලි කළේ ය මෙම අවස්ථාවට කලුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සංජීව ආරියරත්න මැතිතුමා,කලුතර නගර සභාවේ විපක්ෂ නායක ප්‍රදීප් කරුණාමුනි මැතිතුමා,පළාත් පාලන මන්ත්‍රීවරු සහ කලුතර ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාඛා සමිති නායකයන් එක් වූහ. මේවන විට "ඔබට අයවැයෙන්" වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම,රත්ගම,අක්මීමන ආසනවල සහ කළුතර දිස්ත්‍රික්කයේ කලුතර සහ හබරාදුව යන ආසනවල ක්‍රියාත්මක කර ඇති අතර එහිදී දේශපාලන අධිකාරිය මෙන්ම අදාල නිලධාරීන්ද දැනුවත් කිරීම සිදුකෙරිණි.
Comments