top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඔන්ලයින් ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 19, 2023
  • 1 min read

ree

ඔන්ලයින් ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු දින 14ක් තුළ ඕනෑම අභියෝගයක් ඉදිරිපත් කළ හැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (19) පර්ලිමේන්තුවේ දී පැවසීය.


මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, ඔන්ලයින් බිල් පත සහ ත්‍රස්ත විරෝධී පනත යන මෙවැනි පනත් දෙකක් එකවර ඉදිරිපත් කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන මහජනතාවගේ සාමාන්‍ය නඩු කල් යන බැවින් මෙම තීරණය ගත් බවයි. මෙම පනත් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණයෙ අභියෝගයට ලක් වන පනත් දෙකක් මේ සම්බන්ධයෙන් පෙත්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිත් තිබෙනවා.

මෙවැනි පනත් දෙකක් එකවර ඉදිරිපත් කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයට සති තුනක් ඇතුළත තීන්දුවක් දීමට සිදු වෙනවා.ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිෂ්චය සභා දෙකක්ම මේ සඳහා යොදවන්න සිදු වෙනවා. මහජනතාවගේ නඩු මේ නිසා කල් යනවා. එය වැලැක්වීමට එම නිසයි මෙවැනි අභියෝගයට ලක් වන පනත් දෙකක් එක වර ඉදිරිපත් කළේ නැත්තේ. ඒ නිසයි ප්‍රමාද කළේ පාර්ලිමේන්තුවේ දින 14 ගණන් කිරීම ආරම්භ වන්නේ පළමුවර කියෙව්වට පස්සේ. පාර්ලිමේන්තුවක න්‍යාය පත්‍රයක් කල් ඇතුව හදනවා. මෙම පනත පළමු වර කියෙව්වට පස්සේ දින 14ක් තුළ ඕනෑම අභියෝගයක් සිදු කළ හැකියි. පනත පළමු වර කියෙව්වාට පසු අභියෝගයට ලක් කිරීමේ කිසිදු බාධාවක් නැහැ. නමුත්එහි නිෂ්චිත දිනය වන්නේ එය ඉදිරිපත් කළ දින සිටයි''යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page