top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

එන්නත් තුනම නැත්නම් සංගීත සංදර්ශනවලට සහභාගී වෙන්න බැහැ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 25, 2022
  • 1 min read

ree

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (24) 877ක් ලෙස සටහන් වූ අතර කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.


මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 16ත්, 19ත් අතර පිරිසට කොරෝනා මර්දන දෙවන එන්නත ලබාදීම ඊයේ සිට ආරම්භ කෙරුණා.


එන්නත්කරණ විශේෂඥ කමිටුවේ අනුමැතියට යටත්ව පළමු මාත්‍රාව ලබාගෙන මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 16ත්, 19ත් අතර සියලු දෙනාට ඒ අනුව දෙවන මාත්‍රාව ලබාගත හැකියි.


එසේම අවශ්‍ය තරම් රට තුළ කොරෝනා මර්දන එන්නත් පවතින බව ද කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.


මේ අතර, පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.


ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page