top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත ධීවර ඇමති හමුවෙයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 17, 2023
  • 2 min read

ree

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් මහතා ඊයේ (16) ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමුවී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබාදීමට අවශ්‍යවන ආධාර පිළිබදව සාකච්ඡා කළේය.


මෙහිදි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කරුණු දක්වමින් පවසා සිටියේ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ධීවරයින්ට බලපා ඇති ඉන්ධන මිළ අධිකවීම නිසා සිය කර්මාන්තයේ යෙදීමට අපහසු වී ඇති බවත් ඒ සදහා විසදුමක් වශයෙන් විදුලියෙන් ධාවනයකළ හැකි විදුලි මෝටර් සහිත ධීවර යාත්‍රා හදුන්වාදීමට ධීවර අමාත්‍යංශය විසින් කටයුතු කරගෙනයන අතර ඒ සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් සහයෝගය ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන් මැදපෙරදිග යුද්ධය හේතුකොටගෙන අනාගතයේදි තවත් ඉන්ධන අර්බුධයක් ලොව පුරා ඇතිවිය හැකි බැවින් වර්තමානයේ ධීවර කර්මාන්තයද රැක ගැනීම සදහා මෙම වැඩපිළිවෙල ඉතාමත් සුදුසු බව තමාගේ විස්වාසය බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබාදිය හැකි සියලු සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිතවරයා ලෙස තමන් මේ පිළිබදව වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන බවද මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් මහතා පැවසුවේය.

තවද, ධීවර පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සදහාත් ධීවර කාන්තාවන් බලගැන්වීම උදෙසාත් සුභ සාධක වැඩපිළිවෙලක් දියත්කළ යුතු බව පෙන්වාදුන් අමාත්‍යවරයා, ධීවර පවුල්තුළ ඇතිවි තිබෙන ආර්ථික අර්බුධ විසදීම සදහාද මෙවැනි සුභසාධක වැඩසටහන් දියත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ප්‍රකාශ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවගේ දරුවන් අතර සාක්ෂරතාවය අඩු බැවින් එම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට අවශ්‍යවන බව අමාත්‍යවරයා විසින් පෙන්වාදුන් අතර ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත මහතා පැවසුවේය.

ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා මගින් ශ්‍රී ලංකා සාගර සීමාව ආක්‍රමණය කිරීම අද බරපතල ප්‍රශ්නයක් බව පෙන්වාදුන් ධීවර අමාත්‍යවරයා එය වැළැක්වීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබාදිය හැකි සහයෝගය ලබාදෙන මෙන්ද ඉල්ලා සිටියේය.

ඒ පිළිබදව සලකා බලා ඉන්දියානු රජය දැනුවත් කරන බවද එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘ වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියාල් නිශාන්ත, ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අනූෂා ගෝකුල යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page