top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

එක්දින පිල නොවෙනස්වම විස්සයි-20 තරගාවලියටත්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 26, 2023
  • 1 min read

ree

නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජූලි මස 08 වැනිදා කොළඹ පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටිති.


ජූලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරග 3 කින් සමන්විත තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉකුත්දා නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොමැත. නවසීලන්තය සඳහා නම් කරන ලද කණ්ඩායමද ඊට පෙර පැවැති බංග්ලාදේශ කාන්තා පිලට එරෙහි තරගාවලියට නම් කරන ලද කණ්ඩායමම වීම කැපී පෙනෙන අතර තරගාවලි 3 ක් සඳහා නම් කරන ලද කණ්ඩායම් 3 ම එකම හෝ වෙනස් කමක් සිදු නොකිරීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට අමතරව ඉතිහාසයේ පළමු වතාවට ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත පිලට එ‌රෙහි තරගාවලියද 2-1 ක් ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේය. මෙම තරග 3 ම කොළඹ පී, සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී ජූලි 10 සහ 12 යන දිනවලදීද පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීිෂා දිල්හාරි, ‌ඔෂධී රණසිංහ, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, කාව්‍යා කාවින්දි, ඉමේෂා දූලානි.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page