top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ අරමුණෙන් උපකරණ බෙදයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 1, 2022
  • 1 min read

ree

එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ වැඩසටහන යටතේ උපකරණ බෙදා දීමේ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණ.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගම තුළ ඇති සම්පත් කළමනාකරණය වඩාත් ඵලදායි ලෙස සිදු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව අනුව ව්‍යවසායකයින් දහ හතර දහසක් බිහි කිරීමේ සංකල්පය මත ඔවුන්ට අවශ්‍ය පුහුණුව, දැනුම සේම අනෙකුත් උපකරණ සපයා දී ව්‍යවසායකයින් බිහි කිරීම මෙමගින් සිදු කෙරේ. ඒ අනුව බෑග් මැසීම, මදුරු දැල් මැසීම, රෙදි මැසීම සඳහා ජුකී මැෂින් , ඇඹරුම් යන්ත්‍ර, බහු කාර්ය වඩු යන්ත්‍ර හා වඩු උපකරණ, යකඩ වැඩ සඳහා අවශ්‍යය උපකරණ, හඳුන් කූරු නිෂ්පාදන උපකරණ ආදිය බෙදා දීම සිදු කෙරිණි.මෙම පිරිස් සඳහා අවශ්‍යය පුහුණුව මිහින්තලය විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ලබා දී ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍යය නිළධාරීන්ද සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page