top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

එ.ජා.සංවිධානය පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ දශකය නම් කරයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 2 min read

ree

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මෙම දශකය පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ දශකය ලෙස නම් කර තිබෙනවා. විශේෂයෙන් ලෝක ව්‍යාප්තව පවතින පරිසර පද්ධති ආරක්ෂා කිරීම, විනාශ කිරීම නැවැත්වීම, හා නැවත ප්‍රතිස්ථාපනය කිරීම එහි අරමුණයි. එමනිසා අප අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද සුරකිමු ගංගා වැඩ සටහන මගින් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් දී ඇති ඉලක්ක හා නිර්දේශ අපිට ඉදිරියට ගෙන යාමට හැකි යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ලේකම්වරයා මෙම අදහස් පළ කළේ , (22) පරිසර අමාත්‍යාංශයේ පැවැති සූම් සාකච්ඡාවකට සහභාගි වෙමිනි. පරිසර අමාත්‍යාංශය විසින් සංවේදී පරිසර කළාප හඳුනාගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. දැනටමත් එවැනි සංවේදී පරිසර කළාප කිහිපයක් අප විසින් නම් කර තිබෙනවා. මානෑව, ගඟේවාඩිය, එළුවන්කුලම හා ගල්නෑව එම සංවේදී පරිසර කළාප හඳුනාගත් ප්‍රදේශයි. එමෙන්ම සුරකිමු ගංගා වැඩ සටහන යටතේ මැණීක් ගඟ සංරක්ෂණය මගින් එම ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා වෙනවා. එමෙන්ම කැළණි ගඟ සීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශය විශේෂ පරිසර සංරක්ෂණ කලාපයක් වශයෙන් නම් කර එම කළාපය සංවර්ධනය කිරීමට පියවර ගන්නවා. වත්මන් රජය විසින් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ පරිසර සංරක්ෂණයට විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2021 වසර අවසන් වනවිට ගෝලීය උණුසුම ඉහළ යාම සියයට 02කට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අප විශේෂ අවදානයක් යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ විශාල කර්මාන්ත ශාලා ස්ථාපිත කර ඇති රටක් නොවෙයි. එම නිසා අපේ රටෙන් වායු ගෝලයට හරිතාගාර වායු විශාල වශයෙන් විමෝචනයක් සිදුවන්නේ නැහැ. නමුත් අපි ජාත්‍යන්තර වැඩ පිළිවෙළට සහයෝගය දක්වමින් කටයුතු කිරීමට ගෙන ඇති තීරණයන් අගය කළ යුතුයි. එමනිසා කුඩා රටක් වුවත් අපි එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කර තිබෙන පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ පිළිවෙළට සුරකිමු ගංගා වැඩ සටහන යටතේ මෙන්ම සංවේදී පරිසර පද්ධති හඳුනාගැනීමේ වැඩ පිළිවෙළ යටතේත් විශාල දායකත්වයක් අපි ලබා දෙනවා. එමනිසා සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ගංගා 103 ම සංරක්ෂණය කෙරෙන බැවින් අපේ සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා කිරීමට අවස්ථාව ලැබෙන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page