top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

උළු,ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සැපිරීම අපේ අරමුණයි - කර්මාන්ත අමාත්‍ය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 7, 2021
  • 2 min read

ree

සිමෙන්ති, ඇස්බැස්ටෝස් වැනි සෙවිලි තහඩු ගෙන්වීම සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගනිමින්, එම ආනයනික ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යාම විසින් ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිශෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා පිඟන් සංස්ථාව සතු වැසී ගොස් තිබූ උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවලට යළි පණ දීමට කටයුතු කරමින් සිටින බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


පසුගිය (04) කුට්ටිගල පදලංගල පිහිටි යළි පණදුන් උළු හා ගඩොල් කම්හල නිරීක්ෂණයෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

"කර්මාන්ත අමාත්‍යාංශය මීට වසර 02කට පමණ පෙර අපට පැවරුණාට පසුව අපි අංශ කිහිපයකින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කළා. එකක් තමයි ප්‍රතිපත්තිමය වශයෙන් ගත යුතු නිවැරැදි තීරණ ගැනිම. ඒ ප්‍රතිපත්තිමය වශයෙන් ගනු ලැබූ නිවැරදි තීරණ විසින්ම සමහර කර්මාන්ත ක්ෂේත්‍රවල ඉතා ඉහළ වර්ධනයක් වුණා. ඒ වගේම මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා ක්ෂුද්‍ර යන කර්මාන්ත තෙවර්ගය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන උපායමාර්ගික වැඩපිළිවෙළක් අපි හැදුවා. ඒ වගේම කර්මාන්තකරුවන්ට තිබූ සමහර රජයේ ආයතන සමඟ බැඳුණු ගැටළු නිරාකරණය කර දීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් හැදුවා.

මේ විදිහට අපි මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන ඒමේ ප්‍රතිඵලයක් විදිහට මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා රජයේ කර්මාන්තවල මෙන්ම පෞද්ගලික අංශයේ කර්මාන්තවලත් යම් පිබිදීමක්, වර්ධනයක් ඇතිවී තිබෙනවා. විශේෂයෙන් කිව යුතුයි මේ වර්ධනය සිදුව ඇත්තේ අප මුහුණපා ඇති කුණාටු සහගත තත්ත්වය මැද්දේ යි. ලංකා පිඟන් සංස්ථාව අප අමාත්‍යාංශය භාර ගන්නා විට ඉතා දුර්වල තත්ත්වයේ තිබූ රාජ්‍ය ආයතනයක්. එහි සේවකයන් විශාල පිරිසක් ඉවත්වෙලා සීමිත සේවක සංඛ්‍යාවකින් තමයි එය පවත්වාගෙන ගියේ. ගෙවීගිය මේ කෙටි කාලය තුළ අපට, ලංකා පිඟන් සංස්ථාවේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය හා සේවක පිරිස සමඟ කැපවීමෙන් වැඩ කරලා වැසී ගොස් තිබූ මහියංගනය සහ මෙම කුට්ටිගල පදලංගල උළු හා ගඩොල් කම්හල් යළි විවෘත කිරීමට හැකි වුණා. ඒ විතරක් නොවෙයි උතුරේ යුද සමය තුළ වසා දැමුණු ඔඩ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව ලබන වසරේ මාර්තු වන විට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සිමෙන්ති, සිමෙන්ති ආශ්‍රිත ගල් , ඇස්බැස්ටෝස් මිල ඉහළ යාම යනාදී මේ සියල්ල සමග ගුණාත්මක තත්ත්වයෙන් යුතු උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිෂ්පාදනවලට අද හොඳ වෙළඳපොළ ඉල්ලුමක් ඇතිව තිබෙනවා. ඒ වෙළෙඳපොළ ඉල්ලුම සපුරන්න තමයි අපි මේ වැසී ගොස් තිබූ උළු, ගඩොල් කර්මාන්ත ශාලා යළි අරඹන්න කටයුතු කරන්නේ. එමගින් සිමෙන්ති, ඇස්බැස්ටෝස් වැනි ද්‍රව්‍ය ගෙන්වීම සඳහා මේ රටින් එළියට ඇදී යන මුදල රට තුළ ඉතිරි කර ගෙන අපේම අමුද්‍රව්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය කරන උළු හා ගඩොල් අපේ ප්‍රජාවට සුදුසු තත්ත්වයෙන් ලබාදීමට හැකිව තිබෙනවා. ලංකා පිඟන් සංස්ථාව වගේම අනෙකුත් බිඳ වැටී තිබූ අප යටතේ වන රාජ්‍ය ආයතන යළි ගොඩනගමින් තිබෙනවා."

යළි විවෘත කළ කුට්ටිගල පදලංගල උළු හා ගඩොල් කම්හල් පරිශ්‍රයේ ගොඩගසා තිබූ උළු තොග පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේ මෙම කම්හල් පරිශ්‍රයේ තිබූ නිසි ප්‍රමිතියෙන් යුත් උළු කැට ලක්ෂ 05ක් පමණ මේ වන විටත් වෙළෙඳපොළ වෙත යොමුකර ඇති බවත් අතීතයේ නිපදවන ලද ප්‍රමිතියෙන් පහළ මට්ටමේ උළු හැර ඉතිරිව ඇති නිසි ප්‍රමිතියෙන් යුත් සෑම උළු කැටයක්ම ක්‍රමානුකූලව වෙළෙඳපොළ වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි.

මෙම අවස්ථාවට ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page