top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

උපායමාර්ගික සැලැස්මක් සකසා ඒ අනුව කටයුතු කරමින් නව විදේශ වෙළෙඳපොළ අවස්ථාවන් අත්පත් කර ගැනීමට කැපවෙමු

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 24, 2022
  • 3 min read

ree

"උපායමාර්ගික සැලැස්මක් සකසා ඒ අනුව කටයුතු කරමින් නව විදේශ වෙළෙඳපොළ අවස්ථාවන් අත්පත් කර ගැනීමට එක් කණ්ඩායමක් ලෙස කැපවෙමු !" - ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයට කර්මාන්ත ඇමතිගෙන් ඇරයුමක්!

වසංගත තත්වය මැද වුව ද නව විදේශ වෙළෙඳපොළ අවකාශයක් ද විවෘතව ඇති මේ මොහොතේ උපායමාර්ගික සැලැස්මක් අනුව කටයුතු කරමින් එකී නව වෙළෙඳපොළ අවකාශය අත්පත් කර ගැනීමට රජය සමඟ එක්ව, එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයට ඇරයුම් කරන බව විමල් වීරවංශ මහතා පවසයි. පසුගියදා කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික සභා රැස්වීමට(26th AGM of Sri Lanka Chamber of Garment Exporters) ප්‍රධාන ආරධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය. "1992දී ආරම්භ වූ ඇඟලුම් කර්මාන්තය හා බැඳුණු ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය ලෝකය පුරා ප්‍රචලිත කිරීමට ඉතා බලවත් දායකත්වයක් දක්වපු ආයතනයක් බව අවිවාදිතයි. ලෝකයේ ඕනෑම ඇඟලුම් වෙළඳපොළක ඉතා වටිනා සන්නාම සහිත ඇඳුම් තෝරන විට 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' යන වචන කිහිපය ඒවායේ සටහන් වී තිබීම සතුටට කරුණක්. ඒ අත්දැකීම ශ්‍රී ලාංකිකයන්ට විදේශ රටකදී අත්විඳින්න ලැබෙන්නේ අඩු වශයෙන්. ඒ අඩු වශයෙන් ලැබෙන අත්දැකීම ලබා දෙන්න පුරෝගාමීව කැපවුණු සුවිශේෂ පුද්ගලයන් වන්නේ ඔබේ සියලුදෙනායි. පුරා වසර 30ක් මෙම කර්මාන්තය, විවිධ අභියෝග සහ තරඟකාරීත්වය මැද ප්‍රවර්ධනය කොට, ආරක්ෂා කරගෙන ඉදිරියට ඒම පිළිබඳව අපගේ ගෞරවය හා ප්‍රණාමය ඔබ සියලුදෙනාට පළකොට සිටීමට මෙය අවස්ථාවක් කරගන්නවා. 'සාමූහික ක්‍රියාකාරිත්වයක් තුළින් විදේශ විනිමය' මෙතැන නියෝජනය වන ඔබ පමණක් නොවෙයි මෙම කර්මාන්තයේ නියැලී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවනුත් නැගී සිටින්නේ ඔබ සියලුදෙනාගේ ශක්තිය මතයි. ඔබ සියලුදෙනා විදේශ වෙළෙඳපොළ තුළ ලබාගන්නා අවස්ථාව තමයි, එම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අතරේ බෙදී යන්නේ. ඒ අනුව බැලුවාම ඔබ තමන්ගේ ඇඟලුම් ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් පමණක් පෙනී සිටින කණ්ඩායමක් නොවෙයි, ඔබට පහළින් ඔබ හා සිටින විශාල පිරිසක් සමග සාමූහික ක්‍රියාන්විතයක නිරත වන කණ්ඩායමක්. එමගින් කියැවෙන්නේ ඇඟලුම් කර්මාන්තය මගින් මේ රටට විදේශ විනිමය රැගෙන ඒමට ඔබ සියලුදෙනා සාමූහිකව කැප වන ආකාරයයි. 'නව වෙළෙඳපොළ අවකාශය' වසංගත අභියෝගය තුළ ඉදිරියට යන විට අපට පෙනෙනවා ඒ අතර නව වෙළෙඳපොළ අවකාශයක් ද විවෘතව තිබෙන බව. එම නව වෙළෙඳපළ අවකාශය අත්පත් කර ගැනීමට තිබෙන අභියෝගය ජය ගැනීම සඳහා ඔබත් රජයත් ඒකාබද්ධව සාමූහික ප්‍රයත්නයක් තුළ අදාළ පියවර ගත යුතුයි, කියා මා විශ්වාස කරනවා. රජයක් හැටියට විදේශ විනිමය අර්බුදය ජයගැනීම සඳහා තිබෙන එකම තිරසාර විසඳුම වන්නේ විදේශ වෙළෙඳපොළ ජයගතහැකි කර්මාන්තවලට උපරිම සහයෝගය ලබා දීමයි. එහිදී ඇඟලුම් කර්මාන්තය කියන්නේ ඉදිරියෙන්ම තිබෙන කර්මාන්තයක්. ඒ නිසා ඉහත කී නව වෙළඳපොළ අවකාශය අත්පත් කර ගැනීම සඳහා ඔබ සමග සාමූහිකව කටයුතු කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය නිරන්තරයෙන් සූදානම්, කියන එකත් මේ අවස්ථාවේ අවධාරණය කිරීමට කැමතියි. අපගේ ඇඟලුම් නිෂ්පාදන බොහෝවිට යුරෝපා හා ඇමරිකා වැනි වෙළඳපළවලට සීමා වී ඇතැයි පැවසුවොත් මා නිවැරදියි. එම තත්ත්වය අබිබවා යමින් පෙර සඳහන් කළා වගේ, ලෝකයේ අනෙකුත් වෙළඳපොළ අවස්ථාවන් අත්පත් කර කර ගැනීමට උපායමාර්ගික සැලැස්මක් අප සියලුදෙනා එකතු වී සකස් කරගෙන, එම උපායමාර්ගික සැලැස්ම ජය ගැනීම සඳහා කණ්ඩායමක් ලෙස කටයුතු කරමු, කියන එකයි මට ඔබ හමුවේ තැබීමට තිබෙන ඉතාම වැදගත් යෝජනාව. ඔබ සියලුදෙනා ගෙවීගිය වසර 30ක් තිස්සේ ලබා ඇති අත්දැකීම් හා පන්නරය තුළින් ඔබ හමුවට ආ අභියෝග ජය ගැනීමට හැකි වුණා වගේම, මේ මොහොතේදීත් රට හමුවේ පැන නැගී ඇති අර්බුදය ජය ගැනීමට අප සියලුදෙනාට හැකියාව ඇති බව මා විශ්වාස කරනවා. අවසන් වශයෙන් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට අපගේ සුභාශිංසන පළ කර සිටිනවා." මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ සාමාජිකත්වය දරන මෙරට ප්‍රමුඛතම ඇඟලුම් කර්මාන්තවල ප්‍රධානීහු පිරිසක් එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page