top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

උතුරු පළාතේ තැපැල් සහ උපතැපැල් කාර්යාල නොමැතිවීමේ ගැටළුවට කඩිනම් විසඳුම්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 21, 2021
  • 1 min read

ree

කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ප්‍රමුඛ ගැටළුවක් බවට පත්ව ඇති තැපැල් සහ උපතැපැල්කාර්යාල නොමැතිවීම නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවයන්ට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ,උතුරු පළාත් දේශපාලන නියෝජිතයින් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දිවයින පුරා නව තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවීම තාවකාලික අත්හිටුවා ඇති බවත් 2020 /2021 සහ ඉදිරි වර්ෂයේද භෞතික ඉදි කිරීම් කිසිවක් සිදු කළ නොහැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, එහෙත් ඉදිරියේදී සංවර්ධන කටයුතු ආරම්භ කළ විගස එම දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාවය දීමට කටයුතු කරන බව අවධාරණය කළේය. භූ ගෝලීය විශාලත්වය සහ ජන ගණත්වය අනුව බලන කල කිලිනොච්චිය ඇතුළු උතුරු පළාත තුළ පිහිටවිය යුතුව ඇති තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවා නොමැති බවත් යුද්ධයෙන් පසු වැඩ අවසන් කිරීමට නොහැකි තැපැල් කාර්යාල පවා තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව අසමතුළිතතා බොහොමයක් ඇති උතුරු පළාත් පාර්ලිමේන්තු නියෝජිතයන් සමග එළඹෙන උපෙද්ශක කාරක සභා දිනයේදී සාකච්ඡා කරන බවත් තැපැල්පතිවරයා , අමාත්‍යංශ ලේකම් ඇතුළු සියළු දෙනා එක්ව කඩිනම් විසඳුම් ලබා දෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page