උඩුමලගල මහින්ද නාහිමි ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි....
- helloplanetaviss
- Feb 18, 2022
- 1 min read

අපවත් වී වදාළ සියම් මහා නිකායේ රෝහණ මහා සංඝ සභාවේ මහා නායක මහෝපාධ්‍ය අතිපූජ්‍ය උඩුමලගල මහින්ද නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ගාල්ල, කොට්ටව ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය වෙත (17) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ නාහිමිපාණන් වහන්සේගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය. අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
Comments