ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් වේලාව නිවැරදිව සකස් කර ප්‍රදර්ශනය කරන්න...
- helloplanetaviss
- Feb 7, 2022
- 1 min read

උසස් පෙළ විභාගය පැවැත්වීමේදී තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් සකස් කර ප්‍රදර්ශනය කරන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව, විභාගය පවත්වන අවස්ථාවේ දී පන්ති කාමරය භාරව සිටින ගුරුවරු වෙතින් නියමිත වේලාව දැනගෙන සිය ඔරලෝසුවේ වේලාව නිවැරදිව සකස් කරගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාලවරයා දැනුම් දුන්නේ ය. උසස් පෙළ විභාගය සම්බන්ධ යම් ගැටලුවක් පවතීනම් 1911 දුරකථනය අංකය අමතන ලෙස ද එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටියේය.
Comments