ඉන්ධන හිඟයට සංස්ථාවේ තීරණයක් හේතුවී ඇති බවට බෙදුම්කරුවන්ගෙන් චෝදනා
- helloplanetaviss
- Aug 29, 2022
- 1 min read

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය අනුව පිරවුම්හල් වෙත ඉන්ධන තොග ලබාගැනීමේදී තමන් දැඩි දුෂ්කරතාවට මුහුණ පා ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඛණිජතෙල් සංස්ථාව සතුව අවශ්‍ය ඉන්ධන තොග පැවැතිය ද ඉකුත් දින කිහිපයේදී බොහෝ පිරවුම්හල් ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කළ අතර ඉන්ධන පැවැති පිරවුම්හල් අසල දිගු පෝළිම් ද දක්නට ලැබුණා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ පිරවුම්හල් වෙත ඉන්ධන තොග ලබාගැනීමේ නව ක්‍රමවේදය හේතුවෙන් මෙලෙස බොහෝ පිරවුම්හල් වෙත ඉන්ධන ලබා ගැනීමේදී ගැටළු මතුව ඇති බවයි.
ඛනිජ තෙල් සංස්ථාව ගෙන ඇති මෙම නව තීරණය හේතුවෙන් බොහෝ පිරවුම්හල්වලට සඳුදා දිනයේදී ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් නොමැති බවද ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් සදහන් කළා.
Comments