top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉන්ධන සහ ගෑස් ලබාදීම සලාක ක්‍රමයට : ඉදිරියේ ඇතිවිය හැකි ගෝලීය බලශක්ති අර්බුදය ගැන අනතුරු ඇඟවීමක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 2, 2022
  • 2 min read


ree


වත්මන් බලශක්ති අර්බුදය ඉතිහාසයේ දරුණුතම හා දීර්ඝතම එකක් විය හැකි අතර යුරෝපීය රටවලට විශේෂයෙන් දැඩි ලෙස බලපෑම් එල්ලවිය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී Fatih Birol ප්‍රකාශ කර සිටිනවා.

ජර්මානු සඟරාවක් වන Der Spiegel, සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පැවසුවේ යුක්රේනය කේන්ද්‍ර කරගනිමින් ඇති වී තිබෙන සිදුවීම් නිසා වර්තමාන බලශක්ති අර්බුදය 1970 අවදියේ දී ඇතිවූ අර්බුදවලට වඩා නරක අතට හැරීමට ඉඩ ඇති බවයි.

“ඒ කාලේ අර්බුදය පැවතුනේ ඉන්ධන සම්බන්ධයෙන්. දැන් අපට ඉන්ධන අර්බුදයක්, ගෑස් අර්බුදයක් සහ විදුලි අර්බුදයක් එකවරම මතුවෙමින් තිබෙනවා” යැයි ඔහු සඳහන් කර සිටියා.

යුක්රේනයේ ඇතිවූ යුද්ධයට පෙර රුසියාව “ගෝලීය බලශක්ති පද්ධතියේ" ප්‍රමුඛස්ථානයක පසුවූ බවයි. රුසියාව ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවා , ලොව විශාලතම ගෑස් අපනයනකරු, ප්‍රමුඛ ගල් අඟුරු සැපයුම්කරුවෙක් යන භූමිකාව තුල කැපී පෙනන තැනක සිටිය බවයි ඔහු සඳහන් කළේ.

යුක්රේනය සම්බන්ධ සම්බාධකවල කොටසක් ලෙස, යුරෝපා සංගමය රුසියානු ඉන්ධන සඳහා සීමාවන් හඳුන්වා දුන් අතර ඒවා ක්‍රමයෙන් ඉවත් කිරීමට ප්‍රතිඥා දී ඇත.

රුසියාවේ ගෑස් සැපයුම් ලබා ගන්නා යුරෝපිය රටවල් වලට ඉදිරියේදී ඇතිවන සීත සෘතුවේදී මේ තත්ත්වය තදින්ම බලපානු ඇති බවට සඳහන් කළ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානි Fatih Birol, ඇතැම් විට ජර්මනිය ඇතුළු රටවලට සිය වැසියන්ට ගෑස් සැපයීම සලාක ක්‍රමයට සිදුකිරීමට සිදුවිය හැකි බවට අනතුරු අඟවා සිටිනවා.

රුසියාවේ රාජ්‍ය ගෑස් සැපයුම්කරු Gazprom විසින් ගෑස් සපයනු ලබන ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ වෙනත් රටවල බලශක්ති සමාගම්වලට සිය සැපයීම වෙනුවෙන් රූබල් මුදල් ඒකකයෙන් ගෑස් සඳහා ගෙවීම් සිදුකිරීමට අපොහොසත් වීමෙන් පසුව සැපයුම් කපා හැරීමත් සමග මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය ගැන අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

මේ හේතුවත් සමග ඇතිවන බලපෑම අවම කිරීමට සඳහා යුරෝපා සංගමයේ රාජ්‍යයන් හැකිතාක් අමතර ගෑස් ලබා ගත යුතු බව පවසන ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා, උදාහරණයක් ලෙස නල මාර්ග ගෑස් නෝර්වේ හෝ අසර්බයිජානයෙන් ලබා ගැනීම යෝග්‍ය බවට දැනුම් දී සිටිනවා.

බොරතෙල් වෙලඳපොලේ මිල ඉහළ යෑම හේතුවෙන් එළඹෙන ගිම්හානය යුරෝපා සංගමයේ සහ අමෙරිකාවට ද දුෂ්කරතාවයන් ඇති විය හැකි බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ. නිවාඩු සමය ආරම්භ වූ විට, ඉන්ධන ඉල්ලුම වැඩි වන අතර, එය "උදාහරණයක් ලෙස ඩීසල්, පෙට්‍රල් හෝ භූමිතෙල්" යන ඉන්ධන සඳහා විශේෂයෙන්ම යුරෝපයේ බාධාවන් මතු විය හැකි බව ඔහු අනතුරු අඟවා සිටිනවා.

මාර්තු මාසයේදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් ඉරිදා දිනවල නගරවල මෝටර් රථ රහිත ගමනාගමනය හඳුන්වාදීම, පොදු ප්‍රවාහනය සඳහා මිල අඩු කිරීම ආදී කරුණු අතුලත් නව සැලැස්මක් ද සකස් කර හඳුන්වා දෙනු ලැබුවා.

කෙසේ වුවත් මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු සපයා ගැනීම ප්‍රබල ගැටලුවක් වනු ඇති. මන්ද විදෙස් සංචිත හිඟකම නිසා මේ වන විටත් ශ්‍රී ලංකාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර, ඉල්ලුම ඉහළ යාමත් සමග ඉන්ධන ඇතුළු බලශක්ති ප්‍රභවයන් හි මිල ඉහළ යෑමේ දැඩි අවධානමක් ඇතිවිය හැකිය.


Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page