top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම්වලට : බලශක්ති ඇමතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 28, 2022
  • 1 min read

ree

තෙල් නිෂ්පාදනය කරන රටවල්වල පිහිටි සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට සහ අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අනුමැතිය හිමිවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

මෙලෙස සේවා සැපයීමට ඉදිරිපත් වන සමාගම් තෝරාගනු ලබන්නේ ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව මත සහ අදාළමෙහෙයුම්වල පළමු මාස ​​කිහිපය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ බැංකු වෙතින් විදේශ විනිමය ලබා නොගෙන ක්‍රියා කිරීමේ හැකියාව පවතින්නේ නම් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

අදාළ සමාගම් සඳහා සේවා ගාස්තුවකට යටත්ව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන තොග ගබඩා කිරීම, බෙදා හැරීම සඳහා ඇතුළු මුලික යටිතප පහසුකම් සැපයීමේ කර්තව්‍යයට දායක වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

සිපෙට්කෝ සමාගම සතුව දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 1190 සහ නව අලෙවිසැල් LIOC සමාගම සහ තෝරාගත් නව සමාගම් සඳහා ලබා දෙනු ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ. එසේ වුවද සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යන බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page