top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැන විශේෂ දැනුම් දීමක් : ත්‍රිරෝද රථ සඳහා වෙනම ඉන්ධන පිරවුම්හල්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 25, 2022
  • 2 min read

ree

QR ඛේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට දීපව්‍යාප්තව පිහිටි සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල් වලදී සිදුකෙරෙන බවත්, අගෝස්තු මස 01 වෙනිදා දක්වා වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. තාක්ෂණික දෝෂ සහිත සහ අවශ්‍ය උපාංග නොමැති ඉන්ධන පිරවුම්හල් වෙත වාහනයේ අවසන් අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ අවසරය එම ගැටළු නිරාකරණය කර ගන්නා තෙක් සිදුකිරීමට අවසර ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

මේ වන විට ඉන්ධන පිරවුම්හල් වලින් සියයට 60ක ප්‍රමාණයක් අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා ගෙන ඇති බවත් ඉන්ධන නිකුත් කිරීමේදී එම පිරවුම්හල් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දෙන බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

අගෝස්තු 01 වෙනිදා වන විට නව ක්‍රමවේදයට අනුගත වන සියලුම සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී ඇති බවත් එම කාල සීමාව වන විට ඉන්ධන නිකුත් කිරීම සිදුකරන්නේ QR ඛේතයට අනුව පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

එමෙන්ම ජාතික ඉන්ධන පහසුකමට ලියාපදිංචි වන ලෙස සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙම සතිය අවසන් වන විට ව්‍යාපාර කේෂ්ත්‍රයේ නියුතු පුද්ගලයින්ට ඔවුන්ගේ බහු වාහන ලියාපදිංචි කිරීම සඳහා වන ක්‍රමවේදය රජයේ ආයතනවලට ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ට විදුලිජනක යන්ත්‍ර, ගෙවතු වගා උපකරණ සහ අනෙකුත් උපකරණ ලියාපදිංචි කිරීම සඳහා වන ක්‍රමව්දය සකස් කිරීමට නියමිතව ඇත.

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා ගැනීමේදී එම රථ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පොලිස් ස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට නියමිතව ඇත. එමෙන්ම ත්‍රිරෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට විශේෂිත පිරවුම්හල් වෙන් කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම බස් රථ සඳහා ඉන්ධන ලබාදීම සඳහා බස් රථ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

සෞඛ්‍ය, කෘෂිකර්මය, ධීවර, සංචාරක, කර්මාන්ත සහ සේවා සපයන අංශ වැනි අනෙකුත් සේවාවන්ට තම අවශ්‍යතා ලියාපදිංචි කිරීමට සහ ඉන්ධන පිරවුම්හල්වල වාහන වෙන් කිරීමමේ පද්ධතියට ප්‍රවේශ වීමට ඉඩ ලබා දෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අගෝස්තු 1 වැනිදා සිට QR පද්ධති යටතේ පමණක් ඉන්ධන කෝටාව නිකුත් කිරීම ක්‍රියාත්මක වන අතර අංක තහඩු පද්ධතියේ අවසාන අංකය සහ අනෙකුත් ක්‍රමවේදයන් වලංගු නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඉදිරි දින 10 තුලදී ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සභාවේ සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන් විසින් ඉන්ධන පිරවුම්හල්වලදී ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි කිරීම සිදුකෙරේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page