top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇන්ටිජන් කට්ටල ලක්ෂයක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 16, 2022
  • 2 min read

ree

හිඟයකින් ‍තොරව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ සඳහා විශේෂයෙන් ඉන්දියාවෙන් ලැබෙන සහය අගය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ පැවසීය. ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 100,000 ක් මෙරටට ලබාදීම නිමිත්තෙන් (15) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. රුපියල් මිලියන 110 ක පමණ වටිනාකමෙන් යුතු ඇන්ටිජන් කට්ටල තොගයක් මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් මෙම පරිත්‍යාගය අමාත්‍ය කෙ‍ෙහලිය රඹුක්වැල්ල මහතා වෙත භාර දුණි. ඉදිරි කාර්තු දෙක සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලේඛණයක් මේ වන විට සකසා ඇතැයිද , ඒ අනුව ඉන්දියාව , චීනය ආදී රටවලි ඒවා ලබාගැනීමට බලාපොරොත්තු වන්නේයැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් රටෙහි ජනතාවට අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ කිසිදු හිඟයකින් තොරව ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා රජය උපරිමයෙන් කැපවෙන බවත් රඹුක්වැල්ල මහතා පැවසීය. මේ වන විට ගෝලීය ව්‍යසනය මධ්‍යයේ සමස්ත ලෝකයම නව සාමාන්‍යකරණයට ලක්වෙමින් පවතින බවත් ඒ තුළ විශේෂයෙන් ආර්ථිකය පවත්වාගෙන යාම පිළිබඳ අභියෝගයට මේ වන විට මුහුණ දී ඇති බවත් හෙතෙම පැවසීය. ලොව වෙනත් රටවල ජනතාව එන්නත් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කළද ශ්‍රී ලංකා රජය ජනතාව පසු පස ගොස් එන්නත් ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බව අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට මෙහිදී පැහැදිලි කළේය. මේ වන විට විශේෂයෙන් බූස්ටර් එන්නත ජනතාවට ලබාදීම පිළීබඳව රජය සැලකිලිමත් වන බවත් එ් වෙනුවෙන් විශාල ප්‍රචාරාත්මක වැඩසටහන් කෙරෙන අතර ඒ අනුව ආරම්භක දිනවලට සාපේක්ෂව බූස්ටර් එන්නතලබා ගැනීමේ වැඩිවීමක් පසුගිය දිනවල දැකිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ වන විටත් මිලියන 09 ක පමණ එන්නත් තොගයක් රටතුළ ඇතැයිද පාසල් ළමුන්ගේ එන්නත්කරණය 90% ක් පමණ අවසන්ව ඇතැයිද ඒ මහතා කීය. රටෙහි ඇතැම් පිරිස් වල ආලකල්පමය වෙනසක් සිදු වුවහොත් එන්නත්කරණය තවදුරටත් සාර්ථක වනු ඇති බවත් ඒ මහතා කීය. ඉන්දියානු රජය මගින් ලබාදුන් පරිත්‍යාගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ස්තූතිය මෙහිදී ඉන්දීය රජය වෙත පිරිනැමූ අතර ශ්‍රී ලංකාවේ එන්නත්කරණය මෙන්ම කොවිඩ් පාලනය සඳහා ආරම්භයේ සිට ඉන්දියානු රජය අත්වැල් බැඳගෙන කටයුතු කිරීම සම්බන්ධව සතුටු වන බවද පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, මේ වන විට ඉන්දියාවේ එම ව්‍යසනයේ යම් අඩුවීමක් ඇතැයිද රට සාමාන්‍ය තත්ත්වයන් පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇතැයිද පැවසීය. ඇතැම් වකවානුවල කොවිඩ් ව්‍යනයේ ඉහළම තත්ත්වයට ඉන්දියාව මුහුණ දුන් බවත් මේ වන විට පවතින තත්ත්වය තුළ යම් යහපත් බවක් පෙනෙන බවත් හෙතෙම පැවසීය. මෙම අවස්ථාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, සේඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම් අංශය) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත්, අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page