top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමු වෙයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 26, 2023
  • 1 min read

ree

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විය.


දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරි ආර්ථික සහ සමාජයීය අරමුණු ජය ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කළ අතර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අසල්වැසි මිත්‍ර රාජ්‍යය ලෙස ඉන්දීයාව ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහාය ද ඇඟයීමට ලක් කළේය.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ඉන්දීය නිල සංචාරයේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වීය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page