top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉදිරි සතිය තුළ ගෑස් නිකුත්කිරීමේ කටයුතු යථා තත්ත්වයට....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 2 min read

ree

වෙළඳපොළෙන් ලබා ගත් ගෑස් සිලින්ඩර හිස් කිරීමෙන් අනතුරුව නැවත ගෑස් පිරවිය යුතු බවත් ඒ සඳහා සැළකිය යුතු කාලයක් වැය වන බවත් ඉදිරි සතිය තුළ ගෑස් නිකුත්කිරීමේ කටයුතු යථා තත්වයට පත්වනු ඇති බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ( 11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඒක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ගෑස් සමාගම්වලට බෙදා හැරීමේ දී ගැටලු මතුව ඇත්තේ රට තුළ ගෑස් සංචිත තිබුණද පිරවීමේ ක්‍රමවේදයට වැඩි කාලයක් ගත වීම නිසා බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ගෑස් නොමැති හිස් සිලින්නඩරයක් පිරවීමට ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගෑස් සහිත සිලින්ඩර හිස් කර නැවත පිරවීමට වැයවන බව පෙන්වා දුන්නේය.ඒ හේතුවෙන් ජනතාවට විශාල අපහසුතාවයකට පත් වීමට සිදු වූ බවද අමාත්‍යවරයා පැවසීය. බලයට පත්වන කිසිදු රජයක් බඩු මිල වැඩි වැඩි වීමට , ජනතාව පෝළ්ම්වල සිට රජයට දොස් පැවරීම දැකීමට කැමැත්තක් නොමැති බවත් රට සහ ලෝකය මේ වන විට මුහුණු දෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් ඇතිවූ දේවල් බව අප දැනගත යුතු බව ද අමාත්‍යවරයා කියා සිටී. පසුගිය වසර දෙකක කාලයක තුළ රටට ඩොලර් බිලියන 14ක පමණ ප්‍රමාණයක් අහිමි වී ගිය බවත් රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42ක් බවත් ඩොලර් අහිමිවීමෙන් ඇතිවූ අර්බුදය දීර්ඝ කාලීනව මේ රටේ ආනයන අපනයන වෙළඳ ශේෂයෙහි ගැටලුකාරීබවට පත්වූ බවත් රට අපනයනය කරන ප්‍රමාණය ඩොලියන 10ත් 11ත් අතර පමණක් බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා, පසුගිය වසරේදී ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට එම ප්‍රමාණය බිලියන 12 ඉක්මවා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. සෑම විටම මෙරටට ඩොලර් බිලියන 20ක වටිනාකමින් යුතු ද්‍රව්‍ය ආනයනය කරන බවත් නමුත් ඩොලර් බිලියන 8ක හිඟයක් පවතින බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා කිරිපිටි හිඟයක් මේ වන විට මතු වී තිබෙන බවත් මෙයට විසඳුමක් ලෙස දියර කිරි පරිභෝජනයට යොමු විය යුතු බව කියයි. රටේ යහපත වෙනුවෙන් රජයට අනවශ්‍ය ආනයනයන් සීමා කිරීමට සිදු වූ බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජනතාව මෙන්ම පාලකයන්ද මෙම අවස්ථාවේ කැපකිරීම් කළ බව වැඩිදුරටත් පැවසීය.ලෝකයත් රටත් අර්බුදයකට පත්ව ඇති අවස්ථාවේ මෙම ගැටලුව අප රට තුළ පමණක් නිර්මාණය වූවක් නොවන බවත් ලෝකයේ බලවත් රාජ්‍යයන් ලෙස සැළකෙන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය ,එක්සත් රාජධානිය වැනි රටවලද භාණ්ඩ මිලදී ගැනීමේ පෝළිම් දැකීය හැකි බවත් පෙන්වා දුන්නේය.තවද රටේ උද්ගතව තිබෙන මෙම අර්බුදයන් ක්‍රමානුකූලව කළමනාකරණය කර ගත හැකි බවට රජය දැඩි ලෙස විශ්වාස කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය. මේ වන විට රටේ සංචාරක ක්ෂේත්‍රය නැවත යථාවත් වෙමින් පවතින බවත් විදෙස් ශමිකයන් නැවත විදෙස්ගතවීම ආරම්භ කර ඇති බවත් රටේ අපනයන දිරිමත් වෙමින් පවතින බවත් ඉදිරි මාස තුනක කාලය තුළ මෙම තත්වය යථාවත් කර ගත හැකි වනු ඇති බව පැවසීය. ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද ඒ අනුව සතොස ආයතනය මෙන්ම පෞද්ගලික ආනයනකරුවන්ට ද සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.මෙසේ ආනයනය කිරීමෙන් සහල්වලට ස්ථෘවර මිලක් පැවතීමේ හැකියාවක් ඇති විය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දේ.මේ වන විට සහල් ගෙන්වීම ආරම්භ කර ඇතිතේ මියන්මාරයෙන් සහ පාකිස්ථානයෙන් වේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page