top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉදිරි වසර 03 තුළ මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 05 දක්වා වැඩි කර ගැනීමට විශේෂ වැඩපිළි‍වෙළක

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 24, 2023
  • 1 min read

ree

ඉදිරි වසර 03 තුළ මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 05 දක්වා වැඩි කර ගැනීම සඳහා විශේෂ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු , විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඒ්කාබද්ධව මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ අහිමි වූ තම සංචාරක වෙළෙඳපොළ කොටස යළි හිමි කර ගැනීම සඳහා බොහෝ ආසියානු සංවාරක ගමනාන්තයන් මේ වන විට දැඩි තරගයකට අවතීරණ වී සිටින අතර රටවල් බොහොමයක් සංචාරකයින් හට ගාස්තු අය කිරීමකින් තොරව වීසා නොමිලයේ ලබා දීමට පියවර ගෙන තිබේ.

ඒබැවින් පාස්කු ඉරු දින ප්‍රහාරය කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ බරපතල ආර්ථික අර්බුදය හමුවේ පසුබෑමකට ලක් වී ඇති මෙරට සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා නව සංචාරක ප්‍වර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ් අනුව පහත සඳහන් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්ම කිරීමට සැළසුම් කර තිබේ. 2024.03.31 දින දක්වා කාලය සඳහා චීනය,ඉන්දියාව, රැසියාව ,තායිලන්තය,ඉන්දුනීසියාව, මැලේසියාව ජපානය යන රවලින් පැමිණෙන සංචාරකයින් හට නොමිලයේ සංචාරක වීසා නිකුත කිරීමේ වැඩසටහනක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් වහාම ක්‍රියාත්මක කිරීම.

විදේශ සංචාරකයින්ට ලොක් උරුම හා ‌ෙඒතිහාසික ස්ථාව වෙත තදබදකයකින් තෙරව පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා ඒකවර ගෙවා මිලදී ගැනීමේ පැකේජ ප්‍ර වේශ පත්‍රයක් ගුවන්තෙටුපෙළේදීම හෝ මර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට අවස්තාව සලසා සීම.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර අලෙවියද මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ ඒකවර ගෙවා ලබා ගැන්න පොදු ප්‍රවේශපත්‍රයක් ලෙස ගුවන්තොටුපෙළදේිම මිලදී ඟැනීමට අවස්ථාව සාලසා දීම.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page