top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉදිරි මාස හයට රටට අවශ්‍ය ඖෂධ පිළිබද පුර්ණ වාර්තාවක් සෞඛ්‍ය ඇමති නිලධාරීන්ගෙන් ඉල්ලයි.

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 2 min read

ree

ඉදිරි මාස හය සදහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් අද (12) දින ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව මාස තුන බැගින් වන කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කරමින් මෙම වාර්තාව සකස් වියයුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම වර්ෂය තුළ මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම සම්බන්ධයෙන් (11) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ජාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද මෙම සාකච්ජාවට එක්ව සිටියේය. ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණියද ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදිය යුතු බවත් ඒ සඳහා රජය ප්‍රමුඛතාවයකින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙරටට ඖෂධ ආනයනය කරන රටවල්හි එම ඖෂධ පිළිබද තොරතුරුද, රට තුළ නිෂ්පාදනය කරන ඖෂධ සම්බන්ධයෙන්ද අදාළ තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාට මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබීය. ලොව පළමු රටවල් අතරට එක්වෙමින් මේ වනවිට එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇතැයිද ඒ තුළ එන්නත් මිලියන 51 ක් ඉක්මවා ගෙන ඒමට හැකිවීම ඉහළ ජයග්‍රහණයක් යැයි ද රඹුක්වැල්ල මහතා පැවසීය. කොවිඩ් මර්දනයට ඉහල ප්‍රමුඛතාවය ලබාදුන් සේ රජය ජනතාවට අවශ්‍ය ඖෂධ වෙනුවෙන්ද උපරිම සාධනීය පියවර ගන්නා බව හෙතෙම පෙන්වා දුන්නේය. ඖෂධ ආනයනයේදී මෙරට නිෂ්පාදනය කළ හැකි ඖෂධ පිළිබදව සැලකිලිමත්ව ඖෂධ ගෙන්විය යුතු බවත් එමෙන්ම එම ඖෂධ පිළිබදව නිසි අධ්‍යනයකින් ක්‍රියාත්මක වියයුතු බවත් මෙහිදී සාකච්ජාවට ලක්විය. රටතුළ ඇතැම් ඖෂධ විශාල වශයෙන් නිෂ්පාදනය කරන නමුත් ජනතාව විවිධ සන්නාම යටතේ නිකුත් කෙරෙන ඖෂධ සදහා හුරුවී තිබීම හේතුවෙන් එම වර්ගයේම විවිධ සන්නාමයන්හි ඖෂධ ආනයනය කිරීමට සිදුවන බව මෙම සාකච්ජාවේදී අනාවරණය විය. රටතුළ කිසිදු අයුරකින් කිසිදු මොහොතක ඖෂධ හිගයක් ඇති නොවීමට සෑම වර්ෂයකම එළඹෙන වර්ෂයට පෙර ඒ පිළිබදව පුර්ව අධ්‍යනයකින් කටයුතු කිරීම ඉතා වැදගත් යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. මෙම සාකච්ජාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page