top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඉටුකම කොවිඩ් අරමුදලට බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයෙන් (ALFEA) රු.මිලියන 6ක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 2, 2022
  • 1 min read

ree

ඉටුකම කොවිඩ් අරමුදල නංවන්න බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයෙන් (ALFEA) රු.මිලියන 6ක් අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය (ALFEA) විසින් ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන හයක මුදල් චෙක්පතක් (31) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදි. මෙරට කොවිඩ් මර්දනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කඩිනම් එන්නත්කරණ ක්‍රියාවලිය විදේශයන්හි පැසසුමට ලක්ව ඇතිබව මෙහිදී සඳහන් විය. ඒ හේතුවෙන් විදේශ රටවල් මෙරට ශ්‍රමිකයන් සඳහා රැකියා ලබා දීමට වැඩි කැමැත්තක් දක්වන බව බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ නිලධාරීහු අග්‍රාමාත්‍යතුමා හමුවේ සඳහන් කළහ. කොවිඩ්-19 පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වීම ගැන අග්‍රාමාත්‍යතුමා මෙහි දී බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයට සිය ප්‍රණාමය පුද කළේය. මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, බලපත්‍රලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ සභාපති ෆාරුස් මරික්කාර්, ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page