top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවට වැදගත් කාර්යභාරයක් පැවරී..

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 2 min read

ree

මාධ්‍ය නිවේදනය -

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති අතර, පවතින වාතාවරණය යටතේ විශිෂ්ට සේවයක් කළ හැකි බව විදේශ ඇමති පීරිස් පවසයි

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවට (CICA) ඉතා වැදගත් කාර්යභාරයක් පැවරී ඇති අතර වර්තමාන තත්ත්වය යටතේ එහි සියලුම සාමාජිකයින්ට සහ නිරීක්‍ෂකයින්ට විශිෂ්ට සේවයක් සැපයිය හැකි බව CICA හි විධායක අධ්‍යක්ෂ කයිරාත් සරීබේ මහතා නිව්යෝර්ක් හිදී අමාත්‍යවරයා හමුවීමට ගිය අවස්ථාවේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සඳහන් කළේය.

CICA ආයතනයේ සාමාජිකයින් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් එහි පොදු අරමුණු අනුව එහි වැඩකටයුතු මෙහෙය විය යුතු බව අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකා රජය සංවිධානයට සහයෝගය දැක්වීම සඳහා කැපවී සිටින අතර, ලෝකයට ප්‍රයෝජනවත් අවබෝධයක් ලබා දීමට CICA ට හැකි වනු ඇතැයි විශ්වාස කරයි. සාමාජික රටවල් 27 ම සතුව ශක්තිමත් ආයතන පවතින බවත්, ලෝකය කොවිඩ්-19 වසංගතයෙන් මිදීමට උත්සාහ දරන විට අත්දැකීම් සහ ප්‍රවීණතාවය හුවමාරු කර ගැනීම වාසියක් වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

යටිතල පහසුකම්, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, පාරිසරික ගැටලු, ග්‍රාමීය දරිද්‍රතාවය අවම කිරීම, අගය එකතු කළ අපනයන සහ පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්‍රවල සහයෝගීතාව CICA ආයතනයට දැඩි ලෙස හඹා යා හැකි අංශ බව විදේශ අමාත්‍යවරයා පැවසීය. පාරිසරික අතින් ගත් කල, පරිසරයට හානි පමුණුවමින් සිදු කෙරෙන ආර්ථික සංවර්ධනය තිරසාර නොවන බව ඔහු පිළිගත් අතර, රසායනික පදනම් කරගත් පොහොරවලින් කාබනික පොහොර වෙත මාරුවෙමින් හරිත ආර්ථිකයක් ප්‍රවර්‍ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් පියවර විස්තර කළේය. දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීම රටවල් සඳහා වැදගත් වන නමුත්, එය සාධාරණ ලෙස බෙදා හැරීම සහ එහි ප්‍රතිලාභ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාවන් ඇතුළු සියලු ප්‍රජාවන් වෙත ගලා යන බවට සහතික වන අයුරින් සිදු කළ යුතු බව අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය.

විධායක අධ්‍යක්ෂ සරිබේ මහතා CICA හි ක්‍රියාකාරකම් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළ අතර, කීර්තිමත් පුද්ගලයින්ගේ කවුන්සිලයක් පිහිටුවීම සඳහා එහි සැලසුම් සහ 2021 ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා සූදානම් කෙරෙන කටයුතු පිළිබඳව විස්තර කළේය. සාමාජික රටවල් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා CICA ආයතනය සිය උපරිමයෙන් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. කලාපයේ සංවර්‍ධනය හා ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සඳහා වැඩිමනත් සංවාදයකට සහ සහයෝගීතාවයකට මෙය මඟ පාදනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. CICA විසින් සංවිධානය කරනු ලබන උසස් නිලධාරීන්ගේ රැස්වීම්, අන්තර් ක්‍රියාකාරී සැසි සහ අනෙකුත් ක්‍රියාකාරකම්වල දී විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥතාව ලබා දීමේ දී ශ්‍රී ලංකාව ඉටු කළ ප්‍රමුඛ කාර්යභාරය ඔහු ඇගයීය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සම්මන්ත්‍රණය (CICA) 1992 දී පිහිටුවන ලද අතර, එය ආසියාවේ සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගිතාව ඉහළ නැංවීම සඳහා වූ බහු-ජාතික සංසදයකි. එය සාමාජික රටවල් 27 කින්, නිරීක්ෂක ජනපද 9 කින් සහ නිරීක්ෂක සංවිධාන 5 කින් සමන්විත වේ. ශ්‍රී ලංකාව CICA හි නිරීක්ෂක තත්ත්වය 2012 දී සහ එහි පූර්ණ සාමාජිකත්වය 2018 දී ලබා ගත්තාය.

විිදේශ අමාත්‍යාංශය කොළඹ 2021 සැප්තැම්බර් 21 වැනි දින

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page