top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ආරක්‍ෂක ලේකම් මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයේ නටබුන් නිරීක්‍ෂණය කරයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 24, 2022
  • 1 min read

ree

ආරක්‍ෂක ලේකම් සහ නැ‍ගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ’ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මහතා (ජනවාරි 23) අනුරාධපුරයේ පූජනීය සිද්ධස්ථාන කිහිපයක සංචාරයන් අතරතුර මිහින්තලාවේ මිහිඳු මහා සෑය වෙත පැමිණියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා ඇති මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය ජෙනරල් ගුණරත්න විසින් සමාලෝචනය කරන ලද අතර ඉදිරියට ඇති ඉදිකිරීම්වලට අදාළ වැඩකටයුතු පිළිබඳව ද සොයා බලමින් එම කටයුතු කඩිනම් කරන ලෙසද ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් දුන්නේය. ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ බුද්ධ මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. අනුරාධපුර සඳහිරුසෑය හා මිහින්තලේ අනුලා දේවී චෛත්‍යයේ නටබුන්ද මෙම සංචාරයේදි ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට ලක් විය. මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධර්මරත්න හිමි, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික) යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page