top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ආර්ථික අභියෝග කළමනාකරණය කර ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම මෙන්ම රටේ සංවර්ධනයත් ඉදිරියට ගෙන යනවා...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 1 min read

ree

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අභියෝගයන් කළමනාකරණය කර ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම මෙන්ම රටේ අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු යොදා ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව සඳහන් කළේ ය. කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරලීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබෙනවා. වසංගතය පාලනය කිරීම සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු කෙරමින් පවතින අතර එම වැඩපිළිවෙල ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වී ඇත්තේ නිසි ක්‍රමවේදයක් තුළ සිදු කිරීම නිසයි. අද ලෝකයටම ප්‍රබල අභියෝගයක් වී ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීමට සෑම රටක්ම ප්‍රමුඛතාවය ලබා දෙනවා සේම ජන ජීවිත සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් තිබෙනවා. ඒ අනුව අපේ රට තුළද ආර්ථික, සමාජීය, සංස්කෘතිමය ඇතුලු ඒ ඒ අංශ වල බිද වැටීමක් ඇති නොවන පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරමින් තිබෙනවා. විශේෂයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් විවෘත කිරීමේ ඇති හැකියාව සොයා බලමින් තිබෙනවා. දරුවන්ගේ හා ගුරුවරුන්ගේ අරක්ෂාව ප්‍රධාන කාර්යය සේ සලකමින් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සෞඛ්‍ය හා අධ්‍යාපන විශේෂඥයින් විසින් අධ්‍යයනය කරමින් තිබෙනවා. මේ සියලු දෑ කළමනාකාරණය කර ගනිමින් දරුවන්ගේ අධ්‍යාපනය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂය කොවිඩ් වසංගතය තම දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට උත්සහ කරමින් තිබෙනවා. ඔවුන්ගේ හැසිරීම් හා කරන කියන දෙයින් ඒ බව මනාව පැහැදිලි වනවා. වසංගතය ආරම්භයේ සිටම ඔවුනට අවශ්‍ය වූයේ කොවිඩ් වසංගතය අපේ රට තුළ පැතිර යමින් ජන ජීවිත හා රට පරිහානියට යනු දැකීමයි. එවැනි විපක්ෂයක කාර්යභාරය ජනතාව කිසිදු විටක අනුමත නොකරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page