top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ආයතන කිහිපයක් ඉදිරි දිනවල කෝප් කමිටුව හමුවට...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 15, 2022
  • 1 min read

ree

එළඹෙන දිනවලදී ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුවට) කැදවා ඇත.

පසුගිය සභාවාරයේ කැඳවීමට නියමිතව තිබූ එහෙත් කැඳවීමට නොහැකි වූ ආයතන ද මේ අතර වේ. මේ අනුව ලබන පෙබරවාරි 23 වැනිදා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ද පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. මේ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය මාර්තු 10 වැනිදා ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මාර්තු 11 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත. තවද මාර්තු 23 වැනිදා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ද මාර්තු 24 වැනිදා අපනයන සංවර්ධන මණ්ඩලය ද මාර්තු 25 වැනිදා මහජන බැංකුව ද කෝප් කමිටුවට කැදවා ඇත. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පසුගිය 10 වැනිදා පැවති පළමු කෝප් රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නැවත තේරී පත්විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page