top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ආධුනික නාවිකයින් 364 දෙනෙක් විසිර යති...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 10, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 364 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 364 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ජනවාරි මස 08 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතා සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙනුවෙන් කුසලාන ප්‍රධානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 243 වන බඳවා ගැනීමේ විශිෂ්ටතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි අයිඑන්එස් ගුණවර්ධණ හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි කේඑච්ටීඑස් වික්‍රමසිංහ හිමිකර ගන්නා ලදී. තවද, ආධුනික නැවි එම්ඒඑස්ඩි වීරසිංහ හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගත් අතර, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එන්පීටී සාරංග විසින් හිමි කර ගන්නා ලදී. තවද, 243 ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘පැරකුම්බා’ අංශයට හිමිවිය. මෙම විසිරයෑමේ පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය. පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කොමදෝරු වරුණ ෆර්ඩිනැන්ඩස් මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, යුද හා ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක් සහභාගීවී සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page