top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

“ආකල්ප උපකල්පන වලින් තොර, තොරතුරු මත පදනම් වූ මාධ්‍ය කලාවකට පිය නගමු” - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 8, 2022
  • 2 min read

ree

රජයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කිරීම (06) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.

රජයේ තොරතුරු ජනතාව වෙත ගෙනයාමටත්, දුර බැහැර ජනයාට කොළඹට පැමිණ රජයේ අණ පනත් ලබා ගැනීමට ඇති අපහසුව ඉවත් කිරීමත් අරමුණු කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් රජයේ ප්‍රකාශන කාර්යාංශ ස්ථාපනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරයි. ඊයේ විවෘත කරනු ලැබූවේ ශ්‍රී ලංකාවේ හයැවනි රජයේ ප්‍රකාශන කාර්යාංශ කාර්යාලයයි. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, දණ්ඩ නීති සංග්‍රහය, අණ පනත් සහ රජය නිකුත් කරන සියලුම නිවේදන භාෂා ත්‍රිත්වයෙන් ලබා ගැනීමට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාවට දැන් පිළිවන. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මීට සමගාමීව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී හමුවක් ද රජයේ සංවිධාන කර තිබුණි. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම මෙන්ම වෘත්තීය අනන්‍යතාව රැක ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. “අපේ රටේ සන්නිවේදන විෂය ධාරාවට පුළුල් ඉඩක් තිබෙනවා. වෘත්තිකයාට අවශ්‍ය පුහුණුව, පර්යේෂණ, නූතන දැනුම ලබා ගැනීමට ඇති ඉඩ කඩ පිළිබඳව වෘත්තිය තුළ විශාල හිඩසක් තිබෙනවා. ඒ නිසාම විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය ඉගෙනගත් උපාධිධාරීන් වඩාත් කැමතියි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේසයක් ඉදිරිපිට වාඩිවෙලා ඉන්න. ඔවුන් එලෙස කරන්නේ ඔවුන්ට නිසි පිළිගැනීමක් මාධ්‍ය වෘත්තීය තුළින් නොලැබෙන නිසයි. මෙම තත්ත්වය නැතිකර මාධ්‍යවේදී වෘත්තියට නිසි පිළිගැනීම ලබාදීම සඳහා වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ගැනීමට මට හැකි වුනා. එය මාධ්‍ය වෘත්තිකයන් විදියට එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඔබ ලැබූ දැවැන්ත ජයග්‍රහණයක්” අමාත්‍යවරයා කීවේය. 2022 ජුනි මාසය වන විට රූපවාහිනී අභ්‍යාස ආයතනයේ වරලත් මාධ්‍යවේදී ආයතනය පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනමාධ්‍ය සන්නිවේදන විෂය හදාරණ සිසු සිසුවියන්ට ඒ තුළින් උත්තේජනයක් ඇති කිරීමට හැකියාවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඇසිදිසි රක්ෂණාවරණය ක්‍රියාත්මක කර ඇත. එය කිසිදු අය කිරීමකින් තොරව ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එකම රක්ෂණාවරණයයි. මේ වන විට හාරදහසකට වැඩි පිරිසක් හිමිකම් ලබාගෙන තිබේ. රජයට “ඔබ ගැන ඇති හැඟීම නිසයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ. මෙය ලෝකයේ බොහෝ රටවල් වල ක්‍රියත්මක වන්නක් නොවෙයි. ඒ වගේම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම සඳහා වැඩසටහනක් ද සුදානම් කර තිබෙනවා. එවැනි ඇගයීම්වලින් තමයි ඔබේ වෘත්තීය භාවයේ විශිෂ්ඨතාවය මත මුද්‍රාව තැබිය හැකි වන්නේ.” යැයි අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාවේ උසස් පෙළ පන්ති සහිත පාසල් 3042 ක ජනමාධ්‍ය කව ආරම්භ කිරීමේ වැඩසටහනක් ද දැන් ආරම්භ කර ඇති බවත්, මාධ්‍යවේදීන් සඳහා උපකරණ ලබා ගැනීමට දෙන ණය යෝජනා ක්‍රමය ද ඉදිරියේදී තවත් විධිමත් අයුරින් සිදුකරන බවත් පැවසූ ජනමාධ්‍ය අමාත්‍යවරයා “21 වන ශත වර්ෂයේ වටිනාම භාණ්ඩය බවට පත්වී ඇත්තේ තොරතුරු/ දත්ත බවත්, ආකල්ප, උපකල්පන මත පදනම් නොවී තොරතුරු මත පදනම් වූ මාධ්‍ය කලාවක් ඇති කිරීමේ අවශ්‍යතාවයත් පෙන්වා දුන්නේය. ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, හිටපු පළාත් සභා මන්ත්‍රිණී ආරියවතී ගලප්පත්ති මහත්මිය, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් / දිසාපති සමන් දර්ශන පාඬිකෝරාළ මහතා, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද ප්‍රාදේශීය මාධ්‍යවේදී හමුවට සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page