top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අගෝස්තු මස දී අවසන්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 10, 2023
  • 1 min read

ree


ප්‍රතිලාභ ගෙවීම සඳහා මාසකව රුපියල් බිලියන 5.2ක්..

- මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය


අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා ඉදිරිපත්ව ඇති මිලියන 1.02 පමණ වන අභියාචනා සහ එක් ලක්ෂ විසි හතර දහසක් පමණ වන විරෝධා සමාලෝචනය කිරීම අගෝස්තු මස අවසන් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.


අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම සමාලෝචන අවසන් වන විට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යා මිලියන දෙක සම්පූර්ණ කරනු ඇති බවය.


අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය.


මේ වන විට අස්වැසුම පිළිබඳ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කරන කාලය තුළ අභියාචනා 1,024,059ක් සහ විරෝධතා 124,495ක් ලැබී ඇත. දැනට ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන ඇති එහෙත් ඉහළ ප්‍රතිලාභී කණ්ඩායමකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති පවුල් 84,374ක් වෙනුවෙන් දැනට ඔවුන් තේරී පත්වී ඇති කාණ්ඩය යටතේ ප්‍රතිලාභ ගෙවීම සිදු කිරීමට නියමිත ය.

දැනට සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් අතරින් 1,280,747ක් අස්වැසුම සඳහා අයදුම් කර තිබේ. ඉන් පවුල් 887,653ක් අස්වැසුම සඳහා සුදුසුකම් සපුරා ඇත. අයදුම් කළ පවුල් අතරින් සුදුසුකම් නොලැබූ පවුල් 393,094ක් වෙනුවෙන් විරෝධතා සහ අභියාචනා ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තුරු සමෘද්ධි ප්‍රතිලාභ අඛණ්ඩව ගෙවීම සිදු කෙරේ.


පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනේ ඉලක්කය වන අතර අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය අවසන් වීමේ දී එම ඉලක්කගත පවුල් ප්‍රමාණයට ප්‍රතිලාභ හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


ප්‍රතිලාභ ගෙවීම සඳහා ගිණුම් ලක්ෂ 13ක පමණ තොරතුරු මේ වන විට පද්ධතියට ලැබී ඇති අතර නව ගිණුම් ආරම්භ කිරීමේ කටයුතු රාජ්ය් බැංකු මගින් සිදු කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 
 

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page