අර්බුදය මැද වැඩිහිටියන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැදගත්කම පෝෂණවේදීන් පෙන්වා දෙයි
- helloplanetaviss
- Aug 22, 2022
- 1 min read

ආර්ථික අර්බුදයක් පවතින මෙවැනි කාලයක වැඩිහිටි ප්‍රජාවගේ පෝෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වඩාත් වැදගත් බව පෝෂණ වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසනවා.
වයස අවුරුදු 70 ඉක්මවා සිටින වැඩිහිටියන්ට බෝනොවන රෝග වැලඳීමේ හැකියාව ඉහළ බැවින් ඔවුන්ගේ පෝෂණ අවශතා ඉටුකිරීම වැදගත් බවයි ඇය පෙන්වා දුන්නේ.
ආහාර අපතේ යාම වළක්වා ගැනීමට සුදුසුම කාලය මෙය බව ද වෛද්‍ය රේණුකා ජයතිස්ස මෙහිදී පෙන්වා දුන්නා.
ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මෙවන් අවස්ථාවක අතිරික්ත ආහාර ගබඩා කර තබා ගැනීම ද වැදගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
Comments