top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අර්බුදකාරී සමයක පුරවැසියන් ලෙස යම් කැපකිරීමක් කළ යුතුයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 15, 2022
  • 1 min read

ree

දැවිතෙල් ආනයනය කිරීමේ ප්‍රශ්නය මත විදුලිය දැඩි අර්බුදයකට ලක්ව ඇති කාරණය සැඟවිය නොහැකි බවත්, ඒ අනූව පුරවැසියන් ලෙස අර්බුදකාරී සමයක යම් කැපකිරීමක් කළ යුතු බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධයවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි. දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවොට් 2000 – 2100 බව කී අමාත්‍යවරයා, දවසේ සවස 6ත් 10ත් අතර කාලය විදුලි අර්බුදයට ලක්වන කාලසීමාව බවද එම කාලසීමාවේ සෑමදෙනාම විදුලිය පරිභෝජනය ගැන සැළකිලිමත් වෙමින් අනවශ්‍ය ලෙස පරිභෝජනයෙන් බැහැරවී අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බවද පැවසීය. දේශපාලඥයන්, මාධ්‍ය ආදී සියලු පාර්ශවයන් පුරවැසි වගකීමක් ලෙස සළකමින් මෙම කැපකිරීම කළ යුතු බවත්, ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් දේශපාලනඥයන් මෙම කැපකිරීම සිදුකර සමාජයට පෙන්විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page