''අමදේව අසපුව'' කඩිනමින් ඉදිකිරීමට පියවර ගන්නවා- ජනමාධ්‍ය අමාත්‍ය...
- helloplanetaviss
- Sep 22, 2021
- 1 min read

දිවංගත සංගීතවේදී පණ්ඩිත් අමරදේව ශූරීන් යන ජාතික වස්තුවක් බවත්, නිමකිරීමට නොහැකි වූ අමදේව අසපුව කඩිනමින් ඉදිකිරීමට කටයුතු යොදන බවත්, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( සැප්තැම්බර් 22 දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දිවංගත සංගීතවේදී පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ නමින් ඉදිකර නිමකිරීමට යෝජිත අමරදේව අසපුව ඉදිවීම අඩාල වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් බවත්, මෙම ව්‍යාපෘතිය අඩාල වීම සම්බන්ධයෙන් තමන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් විමසූ බවත්, මෙම ඉදිකිරීම සංස්කෘතික දෙපාරතමේන්තුවට ගෙන ඇති නමුත් මෙය සිය වගකීමක් ලෙස සළකා කඩිනමින් අවසන් කිරීමේ වගකීම ඉටු කරන බවත්, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Comments