top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අභිමානවත් 74 වන නිදහස් දින සැමරුම් උළෙලට සියලු කටයුතු සූදානම්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 1 min read

ree

අභිමානවත් අන්දමින් 74වන නිදහස් උත්සවය සැමරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

අද(31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ''අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් '' යන තේමාව යටතේ 74වන ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත් වේ. මාධ්‍ය හමුවට එක් වූ ආරක්ෂ ලේකම් කමල් ගුණරත්න මහතා පැවසුවේ, කොවිඩ් මාර්ගෝපදේශවලට අනුකූල වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි මෙම උත්සවය සැළසුම් කර ඇති බවයි. භට පිරිස් 6500ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වීමට නියමිතය. මෙවර නිදහස් සැමරුම් උත්සවයට යුද හමුදා නිලධාරීන් 3463 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් 919 දෙනෙකු ගුවන් හමුදා නිලධාරීන් 804 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 336 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 437 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 259 දෙනෙකු ද සැමරුම් උළෙලට එක්වීමට නියමිතයි. සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට එක් වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොවිඩ් මර්ධන සෞඛ්‍ය උපදේශවලට අනුකූලව විශේෂ ජෛව බුබුලක් ලෙස පෙළපාලියට සහභාගී වන මෙම සියලු භට පිරිස් සිය පුහුණු වීම් සිදු කරන බවයි. මජනතාවට මෙවර නිදහස් දින සැමරුම නැරඹීම සඳහා සියලු මාධ්‍ය නාළිකා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page