top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අභිනව අමරපුර මහ නාහිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වෙයි ...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 15, 2022
  • 2 min read

ree

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහොත්සවය (14) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

ජනාධිපතිතුමා මහ නාහිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර අගමැතිතුමා උන්වහන්සේට විජිනි පත පිළිගැන්වීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන, ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු (U Han Thu), අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති අජිත ද සොයිසා සහ නියෝජ්‍ය සභාපති ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු නාහිමියන්ට පිරිකර පූජා කළහ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර නිකායේ සංශෝධිත විහාරස්ථාන නාමාවලිය දායක සභාවේ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් නාහිමියන්ට පිළිගැන්විණි. නිවුණු සැනසුණු සමාජයක්, පුරවැසියෙක්, බෞද්ධයෙක් දැකීමට මහ නාහිමිපාණ් වහන්සේ කළ දීර්ඝ කැපකිරීමට බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට පාත්‍ර වන බව උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේය. අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් දේශදේශාන්තරවල වැඩම කරමින් උතුම් සම්බුද්ධ දේශනාව, ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ජනතාවගේ හිතසුව පිණිස දේශනා කළ බවත් උන්වහන්සේ මහ නායක පදවියට පත්වන්නේ අමරපුර නිකායේ අනාගත යුග මෙහෙවරෙහි විශාල වගකීම් සම්භාරයක් වෙනුවෙන් බවත් රාජපක්ෂ මැතිතුමා පැවසීය. 2004 ඇති වූ සුනාමි ඛේදවාචකයෙන් හානි සිදු වූ විහාරස්ථානවල පුස්තකාල ගොඩනැගීමට අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් ලබාදුන් සහාය ශාසනයේ පැවැත්මට කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ උන්නතියට හේතු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් සිහිපත් කළේය. වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා ඒවා නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ඒවා ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය මාර්ගෝපදේශ හා අවවාද අනුශාසනා දොඩම්පහල නාහිමියන්ගෙන් නොඅඩුව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනු ලැබීය. මහනායක, අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු, නිකාය දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page