top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 14, 2022
  • 2 min read

ree

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරමට උතුරෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 12ක්, 2022 පෙබරවාරි මස 12 දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන තර්ජන මැඩපැවැත්වීමේ අරමුණින්, විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරනු ලබයි. තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, 2022 පෙබරවාරි මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ මෙහෙයුම් සුදානම ‍නිරීක්‍ෂණය සඳහා නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ නාවික ආයතන සහ යාත්‍රාවන්ගේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය තවදුරටත් වැඩි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. එහිදි, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදු වන නීති විරෝධී ධීවර කටයුතු ඇතුළු සියළුම නීති විරෝධී ජාවාරම් මැඩපවත්වා ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීමේ ඇති වැදගත්කම නාවික හමුදාධිපති විසින් අවධාරණය කරන ලද අතර, එදින උතුරු මැද නාවික විධානය තුළ රැදී සිටිමින්, විධානයේ මෙහෙයුම් කටයුතු වැඩි දුරටත් අධික්‍ෂණය කිරිමට නාවික හමුදාධිපති විසින් කටයුතු කරන ලදි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලගණයේ වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා තලෙයිමන්නාරමට උතුරෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මෙම මෙහෙයුම මඟින් අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී bottom trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) සමඟ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු මෙලෙස 2022 පෙබරවාරි මස 12 දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගන්නා ලදී. පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ටෝලර් යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. එමෙන්ම පසු ගිය පෙබරවාරි මස 07 වන දින රාත්‍රියේ දී, යාපනය ඩෙල්ෆ් දුපතට ආසන්නයෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුළුව අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි තවත් ඉන්දීය ටෝලර් යාත්‍රා තුනක් (03) ක් සමඟ එහි සිටි ධීවරයන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සුරක්‍ෂිතභාවය සහ මෙරට මත්ස්‍ය සම්පත රැකගනිමින් දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම සඳහා නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page