top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අන්තර්ජාතික සංඥා භාෂා දිනය නිමිත්තෙන් සුබ පැතුම් නිකුත්කරනුයේ ඉතාමත් සතුටිනි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 23, 2021
  • 1 min read

ree

- මාධ්‍ය නිවේදනය - ශ්‍රවණය අහිමි පුද්ගලයන් සහ සංඥා භාෂා භාවිතා කරන්නන්ගේ භාෂාමය අනන්‍යතාව ලෝක මට්ටමෙන් පිළිගැනීමට ලක් කළ අන්තර්ජාතික සංඥා භාෂා දිනය නිමිත්තෙන් සුබ පැතුම් නිකුත්කරනුයේ ඉතාමත් සතුටිනි.

මිනිසාගේ සියලු කාර්යයන් ඉටුකර ගැනීමට ශ්‍රවණය සහ භාෂා අවබෝධය අවශ්‍ය වේ. එහෙත් අප සමාජයේ සිටින උපතින්ම ශබ්ද නෑසෙන ශ්‍රවණ ආබාධිත සියලු දෙනාට අනෙකුත් ජනතාව මෙන්ම ලෝකය ග්‍රහණය කර ගැනීමට අප ඉඩ සලසා දිය යුතුය. අදාළ අවශ්‍යතාව වෙනුවෙන් බිහිවුණු සංඥා භාෂාව මේ වනවිට ස්වභාවික සංඥා භාෂාව දක්වා දියුණු මට්ටමට පැමිණ තිබේ. මෙරට සියලුම ජනවර්ග වෙනුවෙන් නිර්මාණය වූ “ශ්‍රී ලංකා සංඥා භාෂාව” ද කාලානුරූපී වෙනස්කම් සහිතව සංවර්ධනය වෙමින් පොදුවේ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සෙත සළසමින් ඇති බව මාගේ විශ්වාසයයි. ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට වෙනසකින් තොරව සාමාන්‍ය සමාජය හා එක්ව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය රජයක් ලෙස නිරන්තරයෙන් ලබා දෙන බව අද වැනි සුවිශේෂී දිනක සිහිපත් කරමි. සංඥා භාෂාවේ දියුණුව වෙනුවෙන් අදාළ ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීමට රජය උපදෙස් ලබා දී ඇති අතර හැකි සෑම විටම අනෙකුත් භාෂාවන්ට මෙන් සංඥා භාෂාවට ද ප්‍රමුඛත්වය දෙමින් අපගේම සහෝදර ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නැයි වගකිවයුතු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා ජීවත් වන මිලියන 70 කට අධික ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට හඬක් වන සංඥා භාෂාව දිනෙන් දින දියුණු වී සමාජයේ සම තැන්හිලා කටයුතු කිරීමට ඔබ සැමට අවස්ථාව උදාවේවා! යැයි ප්‍රාර්ථනා කරමි.


ree

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page