top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය අද

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 26, 2023
  • 1 min read

ree

කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස ගෝලීය වශයෙන් පෙන්වා දී ඇති අතර, 2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී අද්විතීය, විශේෂිත සහ තර්ජනයට ලක්ව ඇති කඩොලාන පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම අරමුණු කරගනිමින් සෑම වසරකම ජූලි 26 දින අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.


ඒ අනුව අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය දින සැමරුම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මුලිකත්වයෙන් අද පරිසර අමාත්‍යාංශයේ 08 වන මහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


මෙම දැනුවත් කිරිමේ වැඩමුළුව සඳහා පාසැල් සිසුන් 200ක් පමණ සහභාගිවීමට නියමිත අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් චිත්‍ර ඇඳිමේ වැඩ සටහනක් බස්නාහිර පළාත් සභා කාර්යාලය ඉදිරිපස සේවා ප්‍රදේශයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page