top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අධිවේගී මාර්ගයේ පාපැදි ධාවන තරගාවලියක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 1 min read

ree

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින එනම් එළඹෙන 14 වෙනිදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලිය මෙරට කාන්තා හා පිරිමි පාපැදි තරගකරුවන්ට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. මෙම තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කිලෝමීටර් 80ක් වේ. සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩය, කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය පැවැත්වේ. ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාපැදි ක්රී ඩා සමාජ 30ක් පමණ මෙම තරගාවලිය නියෝජනය කරයි. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයින් 125 දෙනෙකුට අධික පිරිසක් ඊට තරග කිරීමට නියමිතව ඇත. සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව.8.30ටත් කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව.8.40ටත් අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන් කිරීමට නියමිතය. මෙම පාපැදි තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. එහි තොරතුරු පහත පරිදි වේ.


ree


Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page