top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අධ්‍යාපන විද්‍යා පීඨ ජනවාරි 15 ආරම්භ කිරීමට උපදෙස්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 14, 2022
  • 1 min read

ree

අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශයේ (.12) පැවති රැස්වීමකදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව ජනවාරි 15වනදා විද්‍යා පීඨ කටයුතු ආරම්භ වන අතර, 18 වනදා සිට අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට නියමිතය. එමෙන්ම දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට, එම විෂයයේ ගුරු පුහුණුව සඳහා ඇතුළත් වීමට නව විද්‍යා පීඨයක් ආරම්භ කිරීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. දැනට දිවයින පුරා විද්‍යා පීඨ 19ක් ඇති අතර, තාක්ෂණ විෂයේ ගුරු පුහුණුව සඳහා නව විද්‍යා පීඨයක් ආරම්භ වීමත් සමඟ විද්‍යා පීඨ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ යයි. පසුගිය කාලයේ අධ්‍යාපන විද්‍යා පීඨ වසා දමා තිබුණේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස මහජනතාව උදෙසා ඒවා ක්‍රියාත්මක කරවීම හේතුවෙනි. මේ වන විට විද්‍යා පීඨයන්හි සිසුන් 7784 දෙනකු පමණ ගුරු පුහුණුව ලබමින් සිටින අතර එයින් 4547 දෙනකු පමණ කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ සුදුසුකම් සම්පූර්ණ කරමින් සිටිති. එම පිරිස අදාළ ක්‍රියාවලියට අනුව කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම විද්‍යා පීඨ සඳහා අලුතින් බඳවා ගන්නා සිසුන් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වී ඇති අතර අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ සිසුන් නියමිත පරිදි බඳවා ගැනීම කඩිනම් කරන ලෙසයි. අධ්‍යාපන අමාත්‍යංශයේදී ඊයේ පැවැති රැස්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, විද්‍යා පීඨ වැඩ බලන කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page