අදත් ඇමති සංශෝධනයක් - වාසුත් තීරණයකට සැරසෙයි
- helloplanetaviss
- Mar 4, 2022
- 2 min read

අද දිනයේද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට වාර්තා වනවා. ඒ අනුව ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධුරය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට ලබා දෙන බවටයි වාර්තා වුණේ. ඔහුට අද දිනයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ කැබිනට් අමාත්‍ය ධූරවලින් උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඉවත් කෙරුණා. ඒ අනුව බලශක්ති අමාත්‍යවරයා ලෙස ගාමිණි ලොකුගේ සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස් බී දිසානායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ පත් කෙරුණා.
මේ තමන්ට ලද අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් අමාත්‍ය එස් බී දිසානායක පළ කළ අදහස්.
විදුලිබල අමාත්‍ය ධූරය සඳහා පත් කෙරුණේ පවිත්‍රා වන්නිආරච්චියි. ඒ අනුව හිස්වූ ප්‍රවාහන අමාත්‍ය ධූරය සඳහා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර විමල් විරවංශ සහ උදය ගම්මන්පිල කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් සිය ස්ථාවරය අද ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිත සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිතයි. ඉන් පසුවයි මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ. අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු උදය ගම්මන්පිල ඊයේ රාත්‍රියේ බලශක්ති අමාත්‍යංශය වෙත පැමිණියා. ඒ, සිය බඩු බාහිරාදිය රැගෙන යාම සඳහායි. මේ එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල.
මේ අතර ඊයේ රාත්‍රියේ වාර්තාවූයේ උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන හිටපු අමාත්‍යවරුන් සමඟ හවුල්කාර පක්ෂ නියෝජනය කරන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද තමන් දරණ ජල සම්පාදන අමාත්‍යධූරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇති බවයි.
ඒ අනුව අද හෝ හෙට ඒ පිළිබඳ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්වනු ඇති. අමාත්‍ය වාසුදේව නානායක්කාර නිවුස් වෙත කියා සිටියේ ඊයේ රාත්‍රියේත් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති බවයි.
මේ අතර උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍ය ධූරය දැරූ අවසන් පැය කිහිපයේ සිය ඉදිරි තීරණ පිළිබඳ නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවට එක් වෙමින් විශේෂ අනාවරණයක් සිදුකළා. එහි සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි. උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍ය ධූරය දරමින් සහභාගී වූ අවසන් සාකච්ඡාව මෙයයි.
Comments