top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අද සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ - මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පතට සංශෝධන...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 8, 2022
  • 1 min read

ree

අද (08) සිට සිකුරාදා (2022.02.11) දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට ඊයේ( 07) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව 2022.02.08 දින 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග 02ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර, ලලිත් ඇතුලත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකරනු ඇත. මෙහිදී, මහපොළ උසස් අධ්‍යාපන ශීෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන 02 ක්ද ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායකවරයා සඳහන් කළේය. ඒ අනුව එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අග්‍රවිනිශ්චයකාරවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයකු පත්කිරීමට සංශෝධන ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම ඒ අරමුදලේ සාමාජිකයකු ලෙස මෙතෙක් කටයුතු කළ එහි විෂය භාර අමාත්‍යවරයා වෙනුවට ඔහු පත්කරනු ලබන නියෝජිතයකු එම සාමාජික ධුරය දැරීම සඳහා පත් කිරීමේ සංශෝධනයද ඉදිරිපත් කිරීමට නියමිතය 2022.02.09 හා 10 වන දා, අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත් කෙටුම්පත, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරිමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන(සංශෝධන)පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම මෙන්ම පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරිමේ)(සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විවාද කර 10 වන දා සම්මත කරගැනීමට නියමිත. 2022.02.11 හිටපු පා.ම. ගරු මංගල සමරවීර මහතාගේ අභාවය ගැන ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන ඇත.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page