top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අදියර 04ක් යටතේ පාසල් හැකි ඉක්මනින් ආරම්භ කරනවා - අධ්‍යාපන ලේකම්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 2 min read

ree

දිවයින පුරා පිහිටි සියලුම පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ඉදිරි සති දෙක තුළදී ආරම්භ කරන බවත්, නිර්දේශ ලැබුණු විගස පාසල් විවෘත කිරීමේ දින වකවානු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උපදෙස් ලබා දුන් බවත් ඒ් අනුව ළමුන් 200ට අඩු පාසල් ප්‍රථමයෙන් විවෘත කිරීමට සැළසුම් කර ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය. කොවිඩ් වසංගතයේන් පසු පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද(24) රජයේ ප්‍රවෘත්ති‌ දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට ඒක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය. ඊයේ දිනයේදී අධ්‍යාපන අමාත්‍යවරයා සියළුම පළාත් ආණ්ඩුකාරවරු හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර අද දිනයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු,ඇතුළු නිලධාරින් ඒම පළාත් පාසල් වල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය. ඒ් අනුව පාසල් සංවර්ධන කමිටු, ප්‍රජා පොලිස්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ,දෙමව්පියන් ආදි සිසුන් ඇතුළු සියලු දෙනා ඒක්ව ඉදිරි සති 02 තුළදී පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවද සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමෙන් අනතුරුව පාසල් වලින් නිර්දේශ ලැබූ විගස පාසල් ආරම්භ කිරීමට සූදානම් බවද ලේකම්වරයා පැවසීය. අංශයන්හි නිර්දේශ ලැබුණු වහාම සියළු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් අද(24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට ඒක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. දිවයින පුරා ළමුන් 200ට අඩු පාසල් 5131 ක් තිබෙන අතර පාසල් විවෘත කිරීමේදී ඒම පාසල් මුලින්ම ආරම්භ කිරිමට සැළසුම් කර තිබේ. තවද 1 සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල් 3884ක් තිබෙන බවත් ඒම පාසල්ද විවෘත කිරිමේ හැකියාව පවතින බව ලේකම්වරයා කීය. සෑම පළාතක්ම නියෝජය වන පරිදි ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 100 දෙනෙකු දරුවන් අධීක්ෂනය සඳහා යොදවා තිබේ. ඒහෙත් කිසියම් දරුවකු සෙම්පතික්ෂාවක් හෝ උණක් වැනි රෝග ලක්ෂණයකින් පෙළෙයි නම් ඒවැනි දරුවන් පාසලට නොඒවන ලෙසද ලේකම්වරයා ඉල්ලීමක් කළේය. අවුරුදු 12ත් 19ත් අතර විවිධ සංකූලතා සහ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන දරුවන් සඳහා එන්නත් ලබාදීම අද දිනයේ ආරම්භ කළ බවත් මෙවැනි දරුවන් 30,000ක් පමණ පාසල් පද්ධතිය තුළ සිටින බව පෙන්වා දුන් ලේකම්වරයා අනතුරුව 12-15 සහ 18 -19 වයස් කාණ්ඩ සඳහා ඒන්නත් ලබා දීම අරඹන බවද සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page