අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කිරීම පිළිබඳව කිසිඳු තීන්දුවක් ගෙන නැහැ....
- helloplanetaviss
- Sep 22, 2021
- 1 min read

ලෝක තත්ත්ව සැළකිල්ලට ගෙන ලෝකයේ පවතින මිල ගණන් සහ සැපයුම් පිළිබඳ අර්බුදයත්, ශ්‍රී ලංකාව තුළ ඩොලරය ඉහළ යාමත් සමඟ යම් යම් තීන්දු තීරණ වලට ඉදිරියේ දී එළඹීමට සිදු විය හැකි නමුත්, එවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කිරීම පිළිබඳව තීන්දුවක් ගෙන නොමැති බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක,වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ, අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මධ්‍යවෙදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි. මීට පෙර එක්තරා ගෑස් සමාගමක් විසින් ගෑස් මිල ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීම් කොට එය එසේ නොවුණ තැන පාරිභෝගික ජනතාව විශාල ලෙස අපහසුතාවයකට පත් වූ බවත් කියා සිටි අමාත්‍යවරයා, මේ අවස්ථාවේ දී රජය මුහුණ දෙන ගැටලුව වන්නේ සැපයුම් කරුවන් අදාළ මිල ගණන් වලට සැපයුම් නොකිරීම සහ එමඟින් පාරිභෝගිකයා ද අපහසුතාවයට පත් වීම බවත් පාරිභෝගිකයා සහ සැපයුම්කරුවා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරගැනීම සඳහා මධ්‍යස්ථ තීන්දුවක් ගැනීමට රජය කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
Comments