top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අති නවීන උපකරණවලින් සමන්විත මහනුවර පිළිකා වාට්ටු සංකීර්ණය කඩිනමින් ඉදිකර අවසන් කිරීමට උපදෙස්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 29, 2021
  • 1 min read

ree

ලොව අති නවීන වෛද්‍ය උපකරණ වලින් සමන්විතව ඉදි කෙරෙන මහනුවර පිළිකා වාට්ටු සංකීර්ණයේ වැඩකටයුතු කඩිනමින් අවසන් කර රෝගී ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නේය.

මහරගම අපේක්ෂා රෝහලට පසුව ඉදිවන දෙවන විශාලතම පිළිකා වාට්ටු සංකීර්ණය වන මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 2000 ට අධික මුදලක් වැය කෙරේ. සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර ජාතික රෝහලේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී අදාළ පිළිකා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් පිළිබඳව නිරීක්ෂණය කළ අතර එහිදී මේ පිළිබඳව උපදෙස් ලබා දුන්නේය. මේ වන විට එම වාට්ටු සංකීර්ණයේ පළමු අදියරේ ඉදිකිරීම් 98 % ක් අවසන්ව ඇති බවත්, දෙවන අදියරේ ඉදිකිරීම් 38% අවසන්ව ඇති බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. ඒ අනුව ඉතා කඩිනමින් මෙහි මූලික ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විට මහනුවර ජාතික රෝහල තුළ විවිධ පිළිකා රෝගීන් 20000 ක් පමණ ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත. දිවයිනේ දිස්ත්‍රික්කයන් අතුරින් තුනෙන් එකක් පමණ ප්‍රමාණයක ජනතාවක් මෙම රෝහල තුළින් ආවරණය වේ. ඉදිකෙරෙන පිළිකා වාට්ටු සංකීර්ණයේ මහල් 09 න් යුක්ත වන අතර එහි වාට්ටු 06 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ප්‍රමාද වීමකින් තොරව අදාළ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. මෙම අවස්ථාව සඳහා ඖෂධ නිෂ්පාදන, සැපයීම හා බෙදාහැරීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර හා මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී විශේෂඥ වෛද්‍ය ඒ.ජේ. හිල්මි යන මහත්වරුන් එක්ව සිටියහ.


Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page