top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අඩු ආදායම්ලාභීන් මෙන්ම මැදි ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක නව නිවාස යෝජනා වැඩසටහන නිරික්ෂණයට....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 27, 2021
  • 2 min read

ree

අඩු ආදායම්ලාභීන් මෙන්ම මැදි ආදායම්ලාභීන් වෙනුවෙන් නව නිවාස යෝජනා ක්‍රියාත්මක කිරිමේ වැඩසටහන නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ නිරික්ෂණයට ලක්විණි.

අඩු ආදායම්ලාභීන් මෙන්ම මැදි ආදායම්ලාභීන් වෙනුවෙන් නව නිවාස යෝජනා ක්‍රියාත්මක කිරිමේ වැඩසටහන යටතේ බොරුල්ල එලියට් පෙදෙස, ඔරුගොඩවත්ත අදියර එක සහ දෙක, ඇපල් වත්ත, බ්ලූ මැන්ඩල් ස්ටේඩියම්ගම, යන මධ්‍යම පාන්තික සහ ඉහල ආදායම් ලාභී නිවාස යෝජනා වැඩබිම් සහ නිවාස ඒකක 1000කින් යුතුව ඉදිවන බ්‍ලූ මැන්ඩල් අඩු ආදායම් ලාභී නිවාස යෝජනා ක්‍රමයත්, නිවාස ඒකක 700 කින් සමන්විත 601 වත්ත නිවාස යෝජනා ක්‍රමයත් ඇතුළුව ව්‍යාපෘති 12 ක පමන නිරීක්ෂණ කටයුතු මේ මස 24 සහ 25 යන දෙදින පුරාව නිවාස රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ නිරික්ෂණයට ලක් විය. මෙහිදි ,කොවිඩ් ගැටලුව නිසා සිදුවූ ප්‍රමාදයන් ඉදිරියේදී මඟහරවා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද කොන්ත්‍රාත් සමාගම සමඟ සාකච්ඡාවට ලක් කෙරිණි. මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා,"රටේ ජනතාවට අවශ්‍ය නිවාස ලබාදීම අපේ වගකීමක් වගේම මෙරට ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට ඉදිරියට යාමට අවස්ථාව ලබාදීමත් අපේ වගකීමක් බව මා සැමදා විශ්වාස කරනවා. අර්බුදකාරී වාතාවරණයක් තුල වුවත් දිනෙන් දින ඉහළට එසවෙන මෙම නිවාස සංකීර්ණ දැකීමෙන් රටේ අනාගතය පිළිබඳව ඇතිවෙන්නේ සුබවාදී හැඟීමක්." ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙන්ම අග්‍රාමාත්‍ය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මාගේ පූර්ණ මෙහෙයවීමෙන් ඉදිවන කොළඹ නගරයේ රැකියා වල නියුක්ත නමුත් නිවාස නොමැති මධ්‍යම පාන්තික ජනකොටස් වෙත නිවාස ලබා දීමටත්, මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ඒකක 5000 න් මූලික අදියරේ නිවාස ඒකක 3000 ක් ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් ආරම්භ කර ති⁣බේ..ඒ අනුව නාගරික නිවාස 8000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඉදිවෙමින් පවති. අඩු මිලට නිවාස මිලදී ගැනීමට මෙන්ම නිවාස කුලියට ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරියේදී නව ව්‍යාපෘති ගණනාවක්ම රට පුරාම ඇති නගර ආශ්‍රිතව ආරම්භ කිරීමටද සැලසුම් කොට තිබේ මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර , අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රියශාන්ත ඇතුළු කාර්ය මණ්ඩලයත් සහභාගි විණි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page